Views - 1913 |Saturday 10th February 2018 19:49:49
බංග්ලාදේශ ශ්‍රීලංකා දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 215න් ජය ගන්න ශ්‍රීලංකාව සමත් වුණා ,
ලකුණු 339 ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 123ක් පමණයි ,
අකිල ධනංජය ලකුණු 24ට කඩුලු 5ක් බිද හෙලමින් බංග්ලාදේශයන්ගේ සිහින සුනු විසුනු කළා . රංගන හේරත් කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා .
මේ අතර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිද හෙලූ වමත් පන්දු යවන්නා ලෙස වසීම් අක්රම් සතුව තිබුන ලෝක වාර්තාව අද රංගන හේරත් වෙනස් කළා .
මේ අතර රොෂේන් සිල්වා ඉනිම් දෙකේදීම අර්ධ ශතක රැස් කලා ඒ අනුව ක්‍රිඩකයෙකු
සිය පළමු ටෙස්ට් ඉනිම් 5කදී ලකුණු 50 කට වඩා වැඩියෙන් අවස්ථා 4කදී රැස්කළ පළමු ශ්‍රි ලාංකික ක්‍රිඩකයා ලෙසට ඔහු අද ඉතිහාසයට එක්වුණා.
මීට පෙර ලෝකයේ එම දස්කම දක්වා ඇත්තේ ක්‍රිඩකයින් තිදෙනෙකු පමණයි.