Views - 1017 |Monday 12th February 2018 12:03:23
පසුගියදා මොස්කව් බලා ගමන් කරමින් සිටි රුසියානු සාරාෆ් ගුවන් සේවයේ ගුවන් යානයක් කාර්ය මණ්ඩලය 71 දෙනෙකුට මරු කැඳවමින් බිම ඇද වැටී ඇති බව වාර්තා වනවා .
මෙම ගුවන් යානය කසකස්තානය මායිම් අසල රුසියානු නගරය වන ඔර්ස්ක් වෙත ගමන් කළේය. නමුත් රුසියාවෙන් මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපොළින් පිටත් වූ වහාම එය අතුරුදහන් වී ඇත .
පසුගිය ඉරිදා දින මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන්තොටුපලින් කිලෝ මීටර් 40 ක් පමණ දුරින් සුන්බුන් සොයා ගන්නා ලදී.
අනතුරට ලක්වූ ඇන්ටනෝව්-148 ගුවන් යානය මගීන් 65 ක් සහ සාමාජිකයින් හයදෙනෙකු රැගෙන ගිය බව සහ
මගීන් තිදෙනෙකු වයස අවුරුදු 5, 13 සහ 17 යන වයසේ පසුවන්නන් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .