X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතාස් ඉල්ලා අස් වෙයි


Views - 1090 |Tuesday 17th April 2018 10:17:08


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නික් පෝතාස් එම තනතුරෙන් ඉවත්ව ඇතැයි වාර්තා වෙනවා .ඔහු දකුණු අප්‍රිකානු ජාතිකයෙක් .
2016 වසරේ  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වූ පෝතාස්  ශ්‍රී ලංකා කණ්ඩායමේ  පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ද  කටයුතු කළා .
චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමත් සමඟ පෝතාස්ට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වගකීම පැවැරුණු අතර, ඔහුගේ සේවා කාලය මෙම වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යටතේ තමන්ට සහාය පුහුණුකරු තනතුර ලබා දෙන මෙන් මෙයට පෙර ක්‍රිකට් ආයතනයෙන් ඔහු ඉල්ලීම් කළද ක්‍රිකට් ආයතනය එයට අනුකූලතාව දක්වා නොමැති බවද දැනගන්නට ඇත.
මේ වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කිරීමෙන් අනතුරුව නිවාඩු ලබා සිය රට බලා ගිය පෝතාස් මේ වන තෙක් පැමිණ නැති අතර, ක්‍රිකට් ආයතනය සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පෝතාස් පසුගිය 14දා මෙම තීරණය ගෙන ඇති බවද පැවැසේ.
මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරට මෙන්ම දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සදහාද ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත.
ඒ අනුව දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් වී ඇති විදෙස් ක්‍රීඩකයන් අතර පාකිස්තානු කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නකු වන මුෂ්තාක් අහමඩ් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩි අවධානය යොමුවී ඇති බවයි සදහන් වෙන්නේ .

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews