X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

ප්‍රභල දේශපාලකයකුගේ පර්ස් එකත් උස්සලා ,ඇපල් ෆෝන් එකකුත් උස්සලා,එජාප මැයි රැලියට එන පුද්ගලයින්ගේ පර්ස් උස්සන්නත් සැලසුම් කරලා - ලෙස්‌ටර්ගේ රණමයුර සම්මානය ඉස්සු හොරුන් කියන කතාව ..


Views - 1594 |Monday 7th May 2018 22:11:24


අභාවප්‍රාප්ත ප්‍රවීණ  චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය පිළිබදව පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වුණා . සිදුවීම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග කඩුවෙල කොල්ලුපිටිය අතර ධාවනය වන මාර්ග අංක 177 සුඛෝපභෝගි පෞද්ගලික බස්‌ රථයක දමාගොස්‌ තිබියදී මෙම සම්මානය හමුවූ බවද පසුගියදා වාර්තා වුණා .
රටම කතා කළ මෙම සම්මානය සොරා ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත්ව තිබේනවා . මොවුන් රටේ ලියාපදිංචි ගැටකපන්නන් සිව්දෙනකු බව වාර්තා වෙනවා .
ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක්‌ ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස්‌ රථයක දමා ගිය බවයි. එම සම්මානය තමන් විකිණීමට උත්සහ නොකළ බවද සැකකරුවන් විසින් ප්‍රකාශ කර තිබෙනවා .
මේ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා . එම ජංගම දුරකථනය අලෙවි කර තිබූ අතර ඊයේ (06 දා) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගෙන තිබිණි. එම ජංගම දුරකථනයද ආපසු පීරිස්‌ මහතාගේ නිවසට ගෙනවිත් දැමීමට තමන් සූදානමින් සිටි බව සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගෙන තිබු බව විමර්ශනවලින් හෙළි විය. තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ කර නොතිබිණි. 
ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියවේ.. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇති බවත් සදහන්.
 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews