X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

රූපවාහිනී නිවේදකයා නියනකින් ඇන කායවර්ධන ශිල්පියා තුවාල කල කතාවේ ඇත්ත මෙන්න


Views - 2223 |Thursday 14th June 2018 12:15:09


පසුගියදා වත්තල ,එඬේරමුල්ල ප්‍රදේශයේ කායවර්ධන ශිල්පියෙකුට පහර දී තියුණු ආයුධයකින් ඇන තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ජනප්‍රිය නාලිකාවක නිවේදකයෙක් වන මහේෂ්  නිශ්ශංක යන පුත්ගලයා  සහ 24 හැවිරිදි ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඊයේ (13) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී එම නිවේදකයාට සහ ඔහුගේ පුත්‍රයාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ලබන 18 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට නියෝග කලා.
අධිකරණයේදී  අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්ද්‍රා සේනානායක  පැවැසුවේ ප්‍රධාන සැකකරු තම සේවාදායකයා සම්බන්ධයෙන් වසරක පමණ කාලයක සිට නොයෙකුත් අසත්‍ය ප්‍රචාර කරන බවත් සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ තුවාලකරු ශ්වසන අපහසුතාවයෙන් පෙළීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.
එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ගමගේ  පැවැසුවේ සුපිරි වෙළෙඳසලක් තුලදී මෙම දෙපිරිස අතර ඇතිවූ ආරාවුලකින් අනතුරුව  පැයක කාලයක් ඇතුළත කඩවත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදී ඉදිරි පරීක්ෂණවලට සහාය වීමක් වශයෙන් ඔවුන්ගේ ජංගම දුරකථන අංක පවා පොලිසියට ලබාදී අනතුරුව පොලිසිය කළ දැනුම්දීම මත පසුගිය 12 වනදා කඩවත පොලීසිය වෙත ඉදිරිපත් වූ බවයි.
මෙම නිවේදකයා තම බිරිය සහ දරු දෙදෙනා  සමඟ කඩවත පිහිටි සුපිරි වෙළෙඳසලට ගොස් සිටියදී තුවාලකරු සැකකරු දෙස තරහින් බලා සිට ඇති බවත් එසේ බලා සිටින්නේ වැරැදීමකින්ද යන්න ඇසූ අවස්ථාවේ වෙළෙඳසල තුළදී දෙපිරිස අතර කතාබහක් ඇතිවීමෙන් පසු නැවත රථ ගාලේදී දෙපිරිස අතර ආරාවුලක් ඇතිවූ බවටයි  සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ.‍
එහිදී දෙවැනි  නිවේදකයාගේ පුත්‍රයාට බිම පෙරළාගෙන පහර දෙමින් ඔහුගේ ගෙලද මිරිකා සිටි අවස්ථාවේ තම පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්  වාහනයේ තිබූ නියනක් ගෙන පහර දී තිබෙන බවත්,  තුවාලකරුට නියනෙන් ඇනීම නිසා හටගත් තුවාලය ඇත්තේ ඇලපැත්ත ප්‍රදේශයේ බවත් තුවාලකරු කායවර්ධන ශිල්පියකු බැවින් ඔහු සමඟ පොර බැඳීමක් කළ නොහැකි නිසා තම පුතුව බේරා ගැනීම සඳහා මෙසේ වාහනය තුළ තිබූ නියනකින් තුවාලකරුට පහරදුන් බවටත් පිළිගනිමින් සැකකාර පාර්ෂවය ඇප ඉල්ලා තිබෙනවා.
කෙසේ නමුත් සැකකාර නිවේදකයා සහ ඔහුගේ 24 හැවිරිදි පුත්‍රයා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කළ අතර ඇප මතමුදා හැර සිටින සැකකාර නිවේදකයාගේ 17 හැවිරිදි පුත්‍රයාටද 18 වනදා මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කර තිබෙනවා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews