X

Print

LATEST NEWS

අද සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කෙරේ බස් සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කරයි IOC පෙට්ට්‍රල් මිල පහතට ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනය මෙන්න මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1047 ක් දක්වා ඉහළට

 

 

 

ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ උණුසුම් කල ස්පාඤ්ඤය සහ රුසියාව අතර තරගය


Views - 1880 |Monday 2nd July 2018 12:58:29


ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් ඊයේ දින (01) පැවැත්වුනා. ඒ ස්පාඤ්ඤය සහ රුසියාව අතර තරගයයි. මෙම තරගයෙන් සත්කාරකයන්ගේ වාසිය මැනවින් ලබා ගත් රුසියාව ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට තියුණු තරගයක් ලබා දුන්නා .

අතිරේක කාලය වශයෙන් ලබා දුන් මිනිත්තු 30ටද පසුව තරගය ගෝල 1-1 කින් සමවුවද, දෙපිලටම ලබාදුන් දඬුවම් පහර 5න් 4-3 ක් ලෙස සාර්ථක කරගත් රුසියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා . තරගයේ 12 වැනි මිනිත්තුවේදී රුසියාවේ සර්ජි ඉග්නැෂිවිච් විසින් පන්දුව තමන්ගේම දැලවෙතට දමා ගැනීම හේතුවෙන් ගෝල 1-0 කින් පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤයට හැකියාව ලැබුණා .

එහෙත් පළමු භාගය නිමාවීමට මිනිත්තු 4 ක් තිබියදී, රුසියාවට ලබාදුන් දඬුවම් පහර හේතුවෙන් ගෝල 1-1 ක් ලෙස තරගයේ පළමු භාගය සමකර ගැනීමට ආර්ටම් සියුබාගේ ගෝලයත් සමගින් රුසියාවට හැකියාව ලැබුන අතර එම ගෝලයත් සමග ලෝක කුසලාන තරගාවලියකදී පිළිමළුන් පිටු දැකීමේ වටයට රුසියාව ලබාගත් පළමු ගෝලය බවටද ඉතිහාසයට එක් වුණා . තරගයේ නියමිත කාලයට වඩා තවත් මිනිත්තු 30 ක් දෙපිලටම පිරිනැමුවත් එයින්ද ජයග්‍රාහකයා තෝරා ගැනීමට හැකියාවක් නොලැබුණා .

මේ හේතුවෙන් කණ්ඩායම් 2ටම දඬුවම් පහර 5 බැගින් ප්‍රදානය කිරිමට තරග විනිසුරුවරුන්ට සිදුවිය. දෙපිලම මුල් අවස්ථා 2ක සාර්ථකව ලබා ගත්තත්, රුසියානු දැල රකින්නා වන ඉගෝර් ආකින්ෆීව් විසින් ස්පාඤ්ඤ ක්‍රීඩක කොකේ දියත් කළ නිදහස් පා පහර නවතා ගැනීම නිසා රුසියාවට තරගාවලියේ රැදී සිටීමට වාසනාව ලැබුණා . නැවතත් ස්පාඤ්ඤයේ ඉයාගෝ ඇස්පස්ට ලැබුණු දඬුවම් පහර රුසියානු දැල රකින්නාගේ පාදයේ වැදී දැලෙන් එපිටට විසිවීම නිසා ලබාදුන් අවස්ථා 5න් 3ක් පමණක් සාර්ථක වුණා .

නමුත් රුසියාවට ලබාදුන් දඬුවම් පහර 4ම සාර්ථකව දැලවෙත යොමු කිරීමට පිළිවෙළින් ෆෙඩර් ස්මොලොව්, සර්ජි ඉග්නැෂිවිච්, ඇලෙක්සැන්ඩර් ගොලෝවින් සහ ඩෙනිස් චෙරිශේව්ට හැකියාව ලැබුණා . ඒ අනුව තවත් අවස්ථාවක් ඉතුරුව තිබියදී ජයගත් රුසියාව, ලෝක කුසලාන අවසන් 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය බවට පත් වුණා .


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews