X

Print

LATEST NEWS

රනිල් ඉවත් කරන්න එජාපෙන් ආරම්භ කරපු කුමන්ත්‍රණයක්..... මුලතිව් යුද හමුදාව සතු ඉඩම් නැවත ජනතා අයිතියට.... වත්මන් අගමැතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙනුත් ගැටලුවක් ජවිපෙ පෙන්වයි.... හෙට සිට වැසි වැඩි වීමක්..... අද රැස්වූ පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දක්වා කල් තබයි.... මුදල් අමාත්‍යංශය එක් අයෙකුට දිය යුතුයි - අසාද් සාලී වෙල්ගම ජනපතිට අභියෝග කරයි.... නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..... කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ..... ගලකින් ගසා 70 හැවිරිදි කතක් නසයි..... ඌවේ හිටපු අමාත්‍යවරයෙක්ගෙන් ජනපතිට ඉල්ලීමක්..... රෝසි අයවැය ඉදිරිපත් කරයි.... ජනාධිපතිවරණයක් ජනවාරි 09 වනදාට පස්සේ තියන්න පුළුවන්..... විධායක ජනාධිපති ධුරය රටට කෙතරම් අහිතකරදැයි තහවුරු වුණා - JVP පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ....

 

add

 

ප්‍රවීණ ගායිකාවගේ ඝාතනය ගැන තවත් කතාවක්..ඝාතනය සැලසුම් කල එකක් ,ඝාතනයට ගත් කතුර දෙපැත්තම මුවහත් කරලා.. .


Views - 1911 |Tuesday 10th July 2018 12:27:43


පසුගිය 08 දා ඝාතනය කල ප්‍රවීණ  ගායන ශිල්පීනි ප්‍රියානි ජයසිංහ පිළිබද බොහෝ දෙනෙකුගේ  කතා බහට ලක් වුණා . මේ ඝාතනය කාලයක් තිස්සේ පැවති ආරවුලක් හේතුවෙන් සිදු කල එකක් බව සදහන් වන අතර මේ සදහා සැකපිට ඇගේ ස්වාමිපුරුෂය වලාන  ප්‍රදේශයේ සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තා .

පොලිසිය සදහන් කරන්නේ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු කතුරකින් ස්ථාන අටකට පමණ ඇන ඝාතනය සිදු කර ඇති බවයි . ඝාතනයට භාවිතා කළ කතුරේ කොටසක් ද නිවසේ කාමරයක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා .

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ ප්‍රියානි ජයසිංහ මහත්මිය ,ඇගේ සැමියා ,ලේලිය සහ මස තුනක පමණ වයසැති මිනිපිරිය පමණක් නිවසේ සිටි අතර ඇගේ පුතා නිවාස අසල වෙළඳ සැලකට ගොස් සිටි බවයි සදහන් වෙන්නේ . මේ අවස්ථාවේ ප්‍රියානි ජයසිංහ මිනිපිරිය සමග කාමරයේ ඇද මත සිටි අතර ලේලිය රූපවාහිනිය නරඹමින් සිට ඇති බවටයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ .

එම අවස්ථාවේ ප්‍රියානිගේ සැමියා විසින් ඇයට පහරදීම සිදු කර ඇති අතර ඇගේ කෑ ගැසීම නිසා ලේලිය විසින් වෙළඳ සැලට ගිය සිය සැමියට දුරකථන ඇමතුමක් දී සිද්ධිය දැනුම් දී තිබෙනවා .පසුව ඔහු නිවසට පැමිණ සිය මව සිටි කාමරයට ගොස් බලද්දී සිය මව ලේ විලක් මැද වැටි සිටිනවා දැක තිබෙනවා .
ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව රෝහල් ගත කිරීම සදහා රැගෙන යන අතරවාරයේ ඇය මියගොස් ඇති බවයි සදහන් වන්නේ .

මේ අතර සැකකාර සැමියා විසින් මෙම ඝාතනය කලින් සැළසුම් කල ඝාතනයක් බව ඝාතනය සඳහා යොදා ගත් කතුරු තුඩෙන් පැහැදිලි වන බව පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව කතුරෙහි දෙපැත්තම කැපෙන ලෙස මුවහත් තබා තිබූ බවත් පොලිසිය සඳහන් කරනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ගායන ප්‍රයානිගේ පුත්‍රයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
මම කඩේට ගිහින් විනාඩි හතර පහකට පස්සේ වයිෆ් කෝල් කරලා කිව්වා තාත්තා අම්මට ගහනවා කියලා. විනාඩි දෙක තුනක් යන විට මම ගෙදරට ආවා. මම අම්මා ඉන්න කාමරයට ගිහින් බලන විට අම්මා ලේ පෙරාගෙන ඉන්නවා දැක්කා. තාත්තා පේන්න හිටියේ නැහැ. මම අම්මව උස්සගෙන ගේ ඉස්සරහට ගිහින් කෑගැහුවා උදවු ඉල්ලලා. වාහනයක දාලා පානදුර රෝහලට අරගෙන යනවිට අම්මා නැති වුණා.


 


COMMENTS

ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews