X

Print

LATEST NEWS

රුපියලට බැස්ස අපේ දොඩම්.... අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි.... 1 වසරට සිසුන් ගැනීමේ චක්‍රලේඛනය ව්‍යවස්ථාවට පටහැනී.... සිංහල ජාතිය  වද වෙනවා. මාධ්‍යට මේවා කියල වැඩක් නැහැ - කථානායක  ‘බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට' - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ගෝඨාගේ නඩුව කල් යයි.... කෝට්ටේ මහනගර සභාවට පැය 17 ක ජල කප්පාදුවක්.... ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාගේ චෝදනා එරට පොලීසිය ඉවත් කර ගනියි.... මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන "බණ්ඩා" ජිවිතක්ෂයට මාලඹේ SLIIT ආයතනය රජයට පවරන්න නියෝග කරයි..... රටම බලා සිටි ඉන්ධන මිල සුත්‍රය ගැන මංගල හෙළි කරයි..... මාර්ක් සකර්බර්ග් ට ෆේස්බුක් මුල් පුටුව අහිමි වන ලකුණු.... ක්‍රිකට් මුල්‍ය වංචාවට සම්බන්ධ ලොක්කා ආගියඅතක් නෑ.... සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් සාම්පල රට යවන්නැයි, නියෝග....

 

add

 

බන්ධනාගාරය තුලදී වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඇති බාධා බොහොමයි...


Views - 549 |Monday 16th July 2018 10:33:13


මරණ දඬුවම නියම වූ රැඳවියන් පමණක් නොව සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන සිරකරුවන් ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව අනාවරණ වී තිබෙනවා.  බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් පැමිණෙන්නේ ද රිමාන්ඞ් සැකකරුවන්ගෙන් බවයි අපට වාර්තා වන්නේ. 
ඇතැම් පුද්ගලයින් සිය කැමැත්තෙන්ම පොලිස් අත්අඩංගුවට පත් වී රිමාන්ඞ් භාරයට පත්වන තත්වයක් ඇති බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සුළු වැරදිවලට රිමාන්ඞ් වන එවැනි පුද්ගලයින් බන්ධනාගාරය තුළට රුපියල් ලක්ෂ 03ත් 04ත් අතර වටිනාකමින් යුත් හෙරොයින් ඉතා සූක්ෂමව රැගෙන එන බවයි. සිය සිරුර තුළ සඟවා හෝ රැගෙන එන කෑම තුළ සූක්ෂම ලෙස රඳවා එලෙස මත්ද්‍රව්‍ය රැගෙන එන බව සඳහන්. රිමාන්ඞ්ගතව සිටින දින 14ක් වැනි කාලය තුළ අදාළ මත්ද්‍රව්‍ය අලෙවි කර යළි ඔවුන් ඇප ලබා පිටව යන බවයි හෙළි වුණේ.
මෙවැනි ජාවාරම් මැඩලීමට බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි මන්දැයි කල විමසීමකදී   එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය ඊට දැඩි ලෙස බලපා ඇති බවයි. 
මේ වනවිට ද බන්ධනාගාර නියාමකයින් 1200කගේ පුරප්පාඩු පවතිනවා. එවැනි තත්වයක් තිබියදීත් සිටිය යුතු ප‍්‍රමාණයට වඩා වැඩි සිරකරුවන් ප‍්‍රමාණයක් මේ වනවිට බන්ධනාගාරවල සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. නවීන උපකරණවල හිඟය ද බන්ධනාගාරය හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට බාධාවක් බව වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගතව සිටියදීත් එම ජාවාරමේ නිරත වන රැඳවියන්ට මරණ දඬුවම ලබාදීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. ඊට අදාළ 18 දෙනෙකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකර තිබෙනවා. 


COMMENTS

වෛෂ්ණාවී ජාත්‍යන්තරයට....
 Friday 19th October 2018 14:07:00
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සි...
Read More
එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews