X

Print

LATEST NEWS

රුපියලට බැස්ස අපේ දොඩම්.... අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි.... 1 වසරට සිසුන් ගැනීමේ චක්‍රලේඛනය ව්‍යවස්ථාවට පටහැනී.... සිංහල ජාතිය  වද වෙනවා. මාධ්‍යට මේවා කියල වැඩක් නැහැ - කථානායක  ‘බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට' - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ගෝඨාගේ නඩුව කල් යයි.... කෝට්ටේ මහනගර සභාවට පැය 17 ක ජල කප්පාදුවක්.... ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාගේ චෝදනා එරට පොලීසිය ඉවත් කර ගනියි.... මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන "බණ්ඩා" ජිවිතක්ෂයට මාලඹේ SLIIT ආයතනය රජයට පවරන්න නියෝග කරයි..... රටම බලා සිටි ඉන්ධන මිල සුත්‍රය ගැන මංගල හෙළි කරයි..... මාර්ක් සකර්බර්ග් ට ෆේස්බුක් මුල් පුටුව අහිමි වන ලකුණු.... ක්‍රිකට් මුල්‍ය වංචාවට සම්බන්ධ ලොක්කා ආගියඅතක් නෑ.... සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් සාම්පල රට යවන්නැයි, නියෝග....

 

add

 

වාද්දුව ෆේස්‌ බුක්‌ සාදය පිටුපස කළුතර ප්‍රබල ඇමැතිවරයෙක්‌....


Views - 305 |Wednesday 8th August 2018 15:58:24


වාද්දුවේ ෆේස්‌ බුක්‌ සාදය සංවිධානය කිරීම පිටුපස කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකු සිටින බව ජාතික නිදහස්‌ පෙරමුණේ ජාතික සංවිධායක කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (07 දා) පැවැසීය. 
මෙම සාදයේදී විෂ ශරීර ගතවීම නිසා තරුණයන් සිවු දෙනකු මියගොස්‌ ඇතත් ඊයේ වන තෙක්‌ එය සංවිධානය කළ කිසිවකු අත්අඩංගුවට නොගැනීම මෙයට ප්‍රබල සාක්‍ෂියක්‌ බවද ඊයේ ජාතික නිදහස්‌ පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවැසීය. වැඩිදුරටත් අදහස්‌ දක්‌වූ හෙතෙම මෙසේද කීය.

ෆේස්‌ බුක්‌ සාදය සංවිධානය කර තිබුණේ මාලබේ පදිංචි අමිල පුෂ්පකුමාර සහ ගොතටුව නව නගරයේ පදිංචි හර්ෂණ එරංග නමැති අයට අයිති දැන්වීම් ආයතනයක්‌ මගින් මෙය මිනී මැරුමක්‌ ලෙස දකින්න පුළුවන්. තරුණයන් හතර දෙනකු මිය ගිහිල්ලත් මෙය සංවිධානය කළ කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් කටයුතු කළ අය අත්අඩංගුවට ගත යුතු බවට ඇතැම් පොලිස්‌ නිලධාරීන් පැවැසුවත් ඉහළ බලපෑම් නිසා තමන්ට එය කළ නොහැකි බව එම නිලධාරීන් පවසනවා. සාමාන්‍යයෙන් රිය අනතුරකදී පවා පුද්ගලයකු මියගියහොත් රියෑදුරු වැරදි වුණත් නැතත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. දෙදෙනෙක්‌ ගහ ගත්තත් නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් මේ සිද්ධිය යට ගහන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක්‌.

මේ සිද්ධියට ප්‍රබල දේශපාලනඥයෙක්‌ සම්බන්ධයි. අපි එසේ කියන්නේ කළුතර උතුර පොලිසිය භාරව කටයුතු කළ ලලිත් වීරසිංහ නමැති පොලිස්‌ නිලධාරියා දූෂණ චෝදනා නිසා ජාතික පොලිස්‌ කොමිසම මගින් කිසිදු රාජකාරියක්‌ නොපවරා ගල්කිස්‌ස පොලිසියට මාරුකර සිටියදී ඔහු නැවත වාද්දුව පොලිස්‌ ස්‌ථානාධිපති ලෙස පත්වන්නේ මේ ප්‍රබල දේශපාලන මැදිහත්වීම මත නිසයි.

වාද්දුව පොලිස්‌ ස්‌ථානයේ රාජකාරි කරමින් සිටි ප්‍ර.පො.ප. වරයාට දොඩන්ගොඩ පොලිසියට මාරුවක්‌ දීලයි පොලිස්‌ කොමිසමෙන් ඉවත්කළ ලලිත් වීරසිංහ මහතා වාද්දුවට පත්කළේ. මේ වාද්දුව පොලිස්‌ ස්‌ථානය ඒ ශේ්‍රණියේ පොලිසියක්‌. මේකට ප්‍ර.පො.ප. වරයෙක්‌ පත්විය යුතු වුවත් පොලිස්‌ පරීක්‍ෂක ලලිත් වීරසිංහ පත් කිරීමට පියවර ගැනීම කාගේ අවශ්‍යතාවක්‌ද යන්න පොලිස්‌පතිවරයා සොයා බැලිය යුතුයි.

මේ ෆේස්‌ බුක්‌ සාදය පවත්වා තිබෙන ස්‌ථානය වාද්දුව පොලිස්‌ ස්‌ථානයට ආසන්නයි. මේ සාදය සඳහා අවසර ගැනීමට ඉදිරිපත්වී තිබෙන්නේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌.

මෙහිදී රුපියල් 5000 ටිකට්‌ 1000 ක්‌ සහ රුපියල් 3000 ටිකට්‌ 1000 ක්‌ අලෙවි කර තිබෙනවා. මෙහි වතුර බෝතලයක්‌ රුපියල් 300 යි. ඒ වගේම මෙහි ගංජා, කේරළ ගංජා, මත්පැන්, ඩාන්සින්, පෙති ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්‌ තිබී ඇතැයි කියනවා. පුද්ගලික ආරක්‍ෂක අංශ සහය ඇතිව මේක කොහොමද පැවැත්වූවේ කියලා හොයා බලන්න ඕනෑ. පොලිසිය අවසර පත්‍ර දීමට පෙර මෙහි සිදුවන දේ ගැන සොයා බැලීමක්‌ කළාද කියා අපිට සැකයි.

මේ ඩාන්සින් පෙති සමඟ 2017 අගෝස්‌තු 05 වැනිදා ගල්කිස්‌ස ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට පත්වන්නේ මේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ ඇතුළු හතරක්‌. එම අවස්‌ථාවේ අත්අඩංගුවට පත්වන වාහනය එම ඇමැතිගේ අමාත්‍යාංශයේ.එහි තිබී ඇමැතිවරයාගේ පුද්ගලික ආරක්‍ෂකයාගේ හැඳුනුම්පත ලැබුණා.

මේ නිසා ඩීඡේ සාද පිටුපස ප්‍රබලයන් ඉන්න බවට එදා සාක්‍ෂි සහිතව එළිවුණා ඒ නිසා අපි කියනවා මේ පිටුපස සිටින දේශපාලනඥයන් හෙළි කරන්න. මේ පිටුපස සිටින සංවිධායකයන් හෙළි කරන්න. ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.


COMMENTS

වෛෂ්ණාවී ජාත්‍යන්තරයට....
 Friday 19th October 2018 14:07:00
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සි...
Read More
එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews