X

Print

LATEST NEWS

රුපියලට බැස්ස අපේ දොඩම්.... අද රාත්‍රියේ සිට අනිද්දා දක්වා පළාත් රැසකට තද වැසි.... 1 වසරට සිසුන් ගැනීමේ චක්‍රලේඛනය ව්‍යවස්ථාවට පටහැනී.... සිංහල ජාතිය  වද වෙනවා. මාධ්‍යට මේවා කියල වැඩක් නැහැ - කථානායක  ‘බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට' - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ දෙන්නේ නැහැ – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ගෝඨාගේ නඩුව කල් යයි.... කෝට්ටේ මහනගර සභාවට පැය 17 ක ජල කප්පාදුවක්.... ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාගේ චෝදනා එරට පොලීසිය ඉවත් කර ගනියි.... මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන "බණ්ඩා" ජිවිතක්ෂයට මාලඹේ SLIIT ආයතනය රජයට පවරන්න නියෝග කරයි..... රටම බලා සිටි ඉන්ධන මිල සුත්‍රය ගැන මංගල හෙළි කරයි..... මාර්ක් සකර්බර්ග් ට ෆේස්බුක් මුල් පුටුව අහිමි වන ලකුණු.... ක්‍රිකට් මුල්‍ය වංචාවට සම්බන්ධ ලොක්කා ආගියඅතක් නෑ.... සමූහ මිනී වළෙන් හමුවූ අස්ථි කොටස් සාම්පල රට යවන්නැයි, නියෝග....

 

add

 

පාකිස්තානයේ මුල්වරට ලිංගික සංක්‍රාන්තියට ලක් වූ ප්‍රවෘත්ති නිවේදිකාවක් ... (PHOTOS )


Views - 581 |Thursday 9th August 2018 11:41:00


පාකිස්තාන ප්‍රවෘත්ති නාලිකාවක් විසින් එරට ප්‍රථම වරට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් තෝරා ගෙන තිබෙනවා. මාවියා මලික් නම් මෙම තරුණිය ජන මාධ්‍ය පිළිබඳව කරච්චි විශ්ව විද්‍යාලයේ උපාධිදාරිණියක් ද වන අතර විලාසිතා නිරූපිකාවක් ලෙසද කළක් කටයුතු කර තිබෙනවා.
මෙය තමා කිසිදු අවස්ථාවක සිතූ දෙයක් නොවන බව පවසන ඇය තමාට පත්වීම ලබුණු අවස්ථාවේ කඳුලු සලා ඇඬූ බව ප්‍රකාශ කළා. මාස තුනක පමණ පුහුණුවකින් පසුව ඇය පසුගිය සිකුරාදා දිනයේදී මුල්වරට ප්‍රවෘත්ති ඉදිරිපත් කළා.

"මේ මං දැකපු හීනයේ මුල් ආරම්භය පමණයි. මම සතුටු වෙනවා මට ඒ පඩිපෙළේ මුල්ම පියවර නැග ගන්න ලැබුණු එක ගැන." මාවියා පැවසූයේ මෙය දැන ගත් මොහොතේ තමාට කෑ ගසා හඬන්නට සිතුණු බවයි. මෙම ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියටම යමින් එරට සිටින අනෙකුත් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ජීවන තත්වය උසස් කිරීම ඇගේ අරමුණ බවත් ඇය පවසා තිබුණා. ඔවුන්ද සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් බවත්, ඔවුන්ටද සම අයිතීන් හා නිසි තැන ලැබිය යුතු බවටත්, වෙන් කොට සැළකීම අනුමත නොකරන බවත් ඇය පැවසුවා. ඇය මුල් අවදියේ දී නිරූපණ කටයුතු වල යෙදී සිටින කාලයේදීම මාවියාගේ පවුලේ අය ඈ සමඟ පැවති සම්බන්ධතා අත් හැර තිබුණා. තම සොහොයුරා මෙය ෆේස්බුක් හරහා දැනගත් පසුව තමාට සුබ පැතූ බවත් ඇය සංවේදීව පවසා තිබුණා.
පකිස්තානයේ සංක්‍රාන්ති ලිංගිකයන් ඉතා ඛේදනීය ඉරණම් වලට මුහුණ දේ අතර රැකියා සොයා ගැනීමේ අපහසුව ඉන් ප්‍රධානයි. මේ නිසාම ඔවුන් බොහෝවිට ගණිකා වෘත්තිය, සිඟමන් යැඳීම හෝ උත්සව අවස්ථා වලදී නැටුම් ඉදිරිපත් කිරීම මගින් මුදල් හොයනවා.
මාවියා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන කොහිනූර් නාලිකාවේ ප්‍රධානි ජුනයිඩ් අන්සාරි මහතා පවසුවේ අයගේ කුසලතා මත මෙම අවස්ථාව ලබා දුන් බවයි.
-මෙම මස මුල් සතියේදී පාකිස්තාන සෙනට් මණ්ඩලය මගින් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් සුරැකීම සහ ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා විෂෙශ පනතක් ද සම්මත කර ගනු ලැබුවා. මේ සඳහා මූලිකවම බලපෑවේ 2016 ජුනි මස එරට 26 හැවිරිදි සංක්‍රාන්ති ලිංගික සමාජ ක්‍රියාකාරණියකට ප්‍රථිකාර කිරීමට එරට වෛද්‍යවරු ප්‍රතික්ශේප කිරීමත් සමගයි. අලීශා නම් වූ එම තරුණියට වෙඩි තබා සිටියදී රොහල් ගත කළ අතර රො-හල් නිළධාරීන් ඇයට ප්‍රතිකාර කිරීම මග හැර දමා තිබුණේ ඇයව ඇතුළත් කළ යුත්තේ කාන්තා වාට්ටුවටද පුරුෂ වාට්ටුවටද යන්න තමන්ට තීරණය කළ නොහකි බව පවසමින්.


කෙසේ වුවත් දැඩි මුස්ලිම් රටක් වන පකිස්ථානය ගත් මෙම ක්‍රියා මාර්ග පිළිබඳව ලොව පුරා අගය කිරීම් දක්නට ලැබුණා.
 

 

dziqcb0w4aevgwi first-pak-transgender-news-anchor-marvia-malik_2018032714380318_650x master d4bff4fb-marvia-malik-becomes-pakistans-first-transgender-news-channel-anchor


COMMENTS

වෛෂ්ණාවී ජාත්‍යන්තරයට....
 Friday 19th October 2018 14:07:00
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සි...
Read More
එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews