X

Print

LATEST NEWS

තීරණාත්මක දෙවන 20 විස්ස තරඟය අද වෙඩි වැදුනු බෙලිඅත්ත ප්‍රා .සභා විපක්‍ෂ නායක මිය යයි සාපෙළ ප්‍රතිඵල ඉදිරි සතියේදී ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර තීරණාත්මක සාකච්ඡාව අද රත්තරං ඉල්ලා අස් වෙයි පළමු 20යි විස්ස තරඟය අද කිරිපිටි මිළත් ඉහළට බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ආගමික වතාවන් සිදු කරමින් සිටි නවසීලන්ත මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්(VIDEOS) දෙවන ත්‍රිපුද්ගල මහාධිකරනය අද විවෘත කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදා දිනයේත් විවෘතයි ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර නව සන්ධානයක් ? IOC මිළත් ඉහළට එජාප පසු පෙළ මන්ත්‍රීන්ගේ විරෝධතාවය නොතකා ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඉසුරු උදාන වාර්තා පොතට එක් වෙද්දී තරඟයේ ජය දකුණු අප්‍රිකානුවන් උදුරා ගනී ෆේස් බුක් හදිසියේම අක්‍රීය වෙයි

 

add

 

මහනුවර ඇසළ පෙරහැර මංගල්ලය සඳහා සියල්ල සුදානම්..දොළොස්වන දා  කප් සිටුවීමේ අරමුණ ඔබ දන්නවා ද?


Views - 6617 |Thursday 9th August 2018 13:25:12


මහනුවර ඇසළ පෙරහැර මංගල්ලය අගෝස්තු මස දොළොස්වන දින ආරම්භ වනවා.

ඒ,එදින කප් සිටුවීමත් සමගයි.

ඉන් අනතුරුව අගෝස්තු 16 වන දින පළමු කුඔල් පෙරහැර පැවැත්වෙනවා.

අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ අගෝස්තු 25 වන දිනයි.

screenshot

කප් සිටුවීමේ අරමුණ ඔබ දන්නවා ද?


ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේ සුභ මුහුර්තියෙන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්ලය සිදුකිරීමයි.

කප යනු ‘කණුව’ හෙවත් ‘කැප කිරීම’ යන තේරුම ගෙන‍ දෙන වචනයකි. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේ දී මුල් ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයක් වනවා.

එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ කිසියම් උපද්‍රවයක් නොමැතිව පෙරහරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට දේවාශිර්වාදය ලබාගැනීමයි. 

එහි ඇති වැදගත්කම නිසාම කප සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැඟී ඇති බව පෙනෙනවා.
 
කප සිටුවීමේ චාරිත්‍ර ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හි වන අතර  එය දළදා මාළිගාව හා සම්බන්ධිත චාරිත්‍රයක් නොවේ. 


මෙම චාරිත්‍රයෙහි මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප බෙදාදීම මුල් කාලයෙහි දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහදේවාලයටයි.
 
මහනුවර මහදේවාල‍ය හෙවත් විෂ්ණු දේවාලය ගොඩනැඟුනාට පසු කප සූදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී තිබෙනවා.

කප සඳහා තෝරාගැනෙනුයේ නැ‍ඟෙනහිර දිශාභිමුඛව සිරිත් ‍පරිදි පේකොට තබන පණස වෘක්ෂයේ ශාඛාවකි‍. 

බොහෝවිට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයකි. 

වියත් තුනක පමණ ළපටි, පුරුෂ ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා, බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුනු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැ‍ඟෙනහිරට වැටෙන සේ ගස කපා හෙළනු ලබනවා.

ඉන් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබන අතර  ඉක්බිති සුදු පිරුවටයකින් ‘කප’ ඔතා ස්වකීය‍ දේවාලයට පෙරහරකින් රැගෙන ගොස් සුභ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයෙක වටතිර බඳවා, උඩු වියන් යොදවා, මනාව සරසා, කණින ලද කුඩා ‍වළෙක සුභ නැකතින් ‘කප’ තැන්පත් කරනු ලබනවා.

1497997_10152346780798687_5865993039955538133_o      
                (ශ‍්‍රී දළදා පෙරහරේ කප් සිටුවීම පසුගිය වසරක සිදු කළ ආකාරය )

 

අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා, පහන් තුනක් දල්වා තබයි. පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමයි. 

ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියා පිදීම එක් අරමුණෙකි. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇති වන ලෙස ප්‍රාර්ථනා කරනු ලබනවා.

ඒ ඒ දේවාල වල කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වන අතර පැරණියේ දී මහනුවර අවට දෙමාපියන්, ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබූයේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහරයි. 

එය නෑඹුල් පෙරහරක් වශයෙන් සැලකුණු අතර එම‍ පෙරහර පෙන්වීමෙන් වස් දොස් නැති වන බවට විශ්වාස කෙරෙනවා.

මෙසේ දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පැවත්වා, ‘කප’ දියකැපුම් මංගල්ලයේ දී ගැටඹේ තොටට ගෙන ගොස් දිය කපන දියඹෙහි, පා කර යවනු ලබනවා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews