X

LATEST NEWS

ජනපති සටනට යළිත් මහින්ද - ෆොන්සේකා එයි?  කොළඹ නගර සභාවේ මන්ත්‍රී වැටුප් වැඩිවීම අනුමත නොවෙයි... මහින්දට නැවත ජනාධිපති වෙන්න බැහැ - විජයදාස රාජපක්ෂ සිංගප්පුරුවෙන් මෙරටට විකිරණ එන කතා බොරු - ඇමති චම්පික  දුම්රිය ගාස්තු ඉහළට වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී.. කුරුදු අපනයනයෙන් වාර්තාගත  විදේශ විනිමයක්... " ගුරුවරුන්ගේ වැටුප් තවදුරටත් ඉහල නංවනවා මිස අඩුකිරීමට හෝ කප්පාදුවට මා ඉඩදෙන්නේ නැහැ" - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්  මහින්දගෙන් ප්‍රශ්න කළාට විරෝධය පා පොහොට්ටුවේ මන්ත්‍රීවරු විරෝධයක.... කාලසටහන නිසා අමාරුවේ වැටුණු උසස් පෙළ සිසුන්ට සහනයක්... විපක්ෂ නායක සටන බල අරගලයක් නොව අයිතිය ඉල්ලීමකි - කුමාර වෙල්ගම විරෝධතා රැල්ල පිටුපස ඒකාබද්ධය මූලික කරගත්ත දේශපාලන හස්තයක් ගැන අජිත්.පී.පෙරේරා හෙළි කරයි  මැදවච්චියේ සිට තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය අද සිට තාවකාලිකව අත්හිටුවයි. ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සුදානම්... දේශීය ලොකු ළූණු වගාවට රක්ෂණාවරණයක්...

වැඩ වර්ජන ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදහස්  දක්වයි… 


Views - 207 |Friday 10th August 2018 12:42:20


 ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ඖෂධ පැල ලක්ෂයක් බෙදා  හැරීමේ වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේඅන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුනා. ඒ කොළඹ විහාරමහාදේවී උද්‍යාන  පරිශ්‍රයේදී… එම උත්සව සභාව  අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කළා. 

ඊයේ දුම්රිය වැඩ වර්ජනය…. අර විභාගය අවසන් වෙලා ඉස්කෝලේ ඇරිලා යන පුංචි දරුවෝ, ඒ දරුවෝ  හිතනවානම් මේ වැඩ වර්ජනය කරන අපේ හිතවත් මිත්‍රයින් දරුවන් සිටින  දෙමව්පියන්ද, පාසල් යන සහෝදර සහෝදරියන්  සිටින අයද  මේ ගොල්ලෝ ?ඒ  ගොල්ලොන්ට මේ දරුවෝ ගැන හදවත උණු වෙන්නේ නැද්ද? මනුෂ්‍යත්වයේ සැබෑ යථාර්තය තේරෙන්නේ නැද්ද? දුම්රිය වේවා, දොස්තර මහත්තුරු  වේවා, නිතර වැඩ වර්ජනය කරන මේ කවුරුහරි හිතනවානම් කරන වැඩ වර්ජන වලින් ආණ්ඩුවට රිදෙනවා කියලා, ඒක මිත්‍යාවක් . වැඩ වර්ජන වලින් අපිට රිදෙන්නේ නෑ. වැඩ වර්ජන වලින් ආණ්ඩුවට රිදෙන්නේ නෑ. මේ වැඩ වර්ජන වලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු ජනතාවට. කරුණාකරලා අපේ වෛද්‍යවරු වැඩ ආවර්ජනය කරන්න අපේ රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, රෝගීන්ට අවශ්‍ය අඩුපාඩුකම් වෙනුවෙන් සටන් කරන්න, බෙහෙත් නැත්නම් බෙහෙත් නා කියලා වර්ජනය කරන්න, උපකරණ නැත්නම් උපකරණ නෑ  කියලා වර්ජනය කරන්න, නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න ආණ්ඩුවේ අඩුපාඩුකම් තියෙනවනම් ඒවා පෙන්නලා ඒ  වෙනුවෙන් වර්ජනය  කරන්න, මේ දුප්පත් පොදු ජනතාවටයි, මේ රිදිල්ල. ආණ්ඩුවේ රෝහල් වලට පොහොසත් මිනිස්සු එන්නේ නෑ,, දුම්රියේ පොහොසත් මිනිස්සු යන්නේ නැහැ , දුම්රියේ යන්නේ සාමාන්‍ය පොදු ජනතාව. මම දන්නවා ඔය දුම්රියේ එන මගීන් අතරේ  පාසල් යන දරුවන් අතරේ, සමහරවෙලාවට සාක්කුවේ තියෙන්නේ, කොච්චි සීසන් එක විතරයි. සත පහක් අතේ නැහැ. ජාතියේ පුනරුදය ඇති කරන්න මෙවැනි දේවල් කරලා පුලුවන්ද කියලා අහනවා මම ඔය අද වර්ජනය කරන සහෝදර මිත්‍රයන්ගෙන්. ප්‍රශ්න විසදගන්න පුළුවන් ආණ්ඩුවක් තියෙන්නේ. මම සතුටු වෙනවා අපේ ආණ්ඩුව විදිහට 2015 ජනවාරි 08 වෙනිදයින්  පස්සේ අපි රටේ  තුවක්කුවක්  පත්තු කරලා නැහැ. හුගක් අය උත්සහ කල සයිටම් ප්‍රශ්නයත් එක්ක විශ්ව විද්‍යාල ළමයින්ට අපිට කියල තුවක්කු පත්තු කරන්න. අපි ඒ ප්‍රශ්නේ විසදගත්තා. 

වෘත්තීය අයිතිවාසිකම් තියෙනවා, අපි ආණ්ඩුවක් විදිහට ඒ දේවල් සාකච්චා කරනවා. ඒවාට කන් දෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තියෙනවා තුවක්කු පත්තු කරන්නේ නැතුව, මේ නිදහස සමහර අයටභුක්ති විදින්න පොඩි නොදන්නා  බවක් පේනවා. ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස්සුන්ගේ නිදහස, මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස… රටේ ජනාධිපතිට තිත්ත කුණුහරප කියලා, මගේ රූපය විරූපී කරලා, සමාජ වෙබ් අඩවි වල දාන්න ඒ නිදහස සහතික වෙලා තියෙනවා. මට දැන් අද සමාජ වෙබ් අඩවි වලින් කරන දේවල් එදා කරානම් ඕව කරන මිනිස්සු ඉන්න තැන හොයන්නත්  නෑ, ගෙවල් දොරවලුත් නෑ.  ඕව ලියන අය  ඒක තේරුම් ගන්න ඕනේ, ඒ යට මොකද වෙන්නේ කියල මට කලින් හිටපු අය හිටියනම්. එක තමයි ඇත්ත කතාව. 

ඒක නිසා ජාතියේ පුනරුදය කියන්නේ මේ සියලුම අංශ වල මිනිස්සුන්ගේ කැපවීම සහ අවංකභාවය.  දේශපාලකයන්ගේ සමහර පිරිස්වල අවංකබාවයේ  පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැම දේශපාලකයෙක්ම නරක  අය නෙවෙයි, හැම රාජ්‍ය සේවකයෙක්ම නරක අය නෙවෙයි. 


COMMENTS

ගෝල්’ ආදායම රු. ලක්ෂ 300 ඉක්මවයි
 Monday 20th August 2018 10:54:40
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ එම් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ගෝල් සිනමා පටය 2018 වසරේ කෙටිම කාලයක් තුළ සී ඊ එල් මණ්ඩලයේ වැඩි ම ආදායමක් ඉපැයු ...
Read More
කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න
 Monday 9th July 2018 12:38:31
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා. මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක...
Read More
ජනාධිපති ජනමාධ්‍ය සම්මාන හා රාජ්‍ය රූපවාහිනි කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.
 Thursday 5th July 2018 12:04:05
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි යන මාධ්‍යවල විශිෂ්ඨයන් වෙනුවෙන් සම්මාන පිදීම සදහා ප්‍රථම වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ මස අගදී පැ...
Read More
මෑත කාලයේ කතාබහක් ඇතිකළ අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය - "දැවෙන විහගුන්"
 Tuesday 3rd July 2018 10:29:51
මේ දිනවල බොහෝ දෙනාගේ  කතා බහට ලක්වූ තරුණ පරම්පරාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන  &...
Read More
දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews