X

Print

LATEST NEWS

පක්ෂ නායකයින් හා ජනපති අතර හමුවක් මරණ දඬුවම නියමවූ සිරකරුවෙකු මරුට.... කතානායක අසුන නැහැ - පාර්ලිමේන්තුව කල් තබයි පාර්ලිමේන්තුවේදී ගාමිණී ජයවික්‍රමට හා විජිත හේරත්ට මිරිස්කුඩු ප්‍රහාරයක්.... මන්ත්‍රීවරු ඝාතන කුමන්ත්‍රණය කාගේ දැයි පැහැදිලියි - අනුර කුමාර කුමන හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව අවසන් කරන්න නෑ..... සජිත්ගේ උදා ගම්මානත් අහෝසියි.... කෝ මේ සිරිසේන - රැල්ලට බය නම් අපි වැල්ලට එන්නෙත් නැහැ - හරීන් කතානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා අසුන්ගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග විරෝධතාවයක.... පක්ෂනායක රැස්වීම විසඳුමකින් තොරව අවසන්.... අද පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්... මල්වතු මහ නාහිමි ලිපියකින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ජනපතිට අවධාරණය කරයි... ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් අදත් පාර්ලිමේන්තුවට.... ‘ගජ’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු..... "රට අස්ථාවර වීමේ වගකීම ජනපති බාරගත යුතුයි" - විජිත හේරත්

 

add

 

බස් වර්ජනය අසාර්ථකයි...


Views - 529 |Thursday 16th August 2018 10:53:48


පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණද බොහෝ පෞද්ගලික බස් රථ වෙනදා මෙන් අද දිනයේදීත් ධාවනය වන තත්ත්වයක් දක්නට ලැබිණි.
මෙම වර්ජනය සඳහා පෞද්ගලික බස් රථ රියඳුරන් හා කොන්දොස්තරවරුන් එක්ව සිටියත් ඒ සඳහා බස් රථ හිමිකරුවන් එක්ව නොමැත.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් වර්ජනය ආරම්භ කළේය. ඒ සඳහා තවත් සංගම් කිහිපයක්ද සහාය දක්වයි.
ඇතැම් පෞද්ගලික බස් රථ සංගම් ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් අද (16) ආරම්භ කරඇති වැඩ වර්ජනයට හැටන් සහ නුවරඑලිය පෞද්ගලික බස් රථ සංගම් කිසිදු සහයෝගයක් දක්වා නැති බව අප හැටන් වාර්තාකරු පැවසීය.
හැටන් බස් නැවතුම්පොලේ සිට සුපුරුදු පරිදි දුර සහ කෙටි දුර ධාවනය සදහා බස් රථ ධාවනයට එක් කර තිබුණි.
මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථවලට මහනුවර ප්‍රදේශයේදි කිසියම් පිරිසක් තර්ජනය කල බව එම බස් රථ රියදුරන් කියා සිටිති. බස් සංගම් පවත්වන්නට යෙදුන වැඩවර්ජනය නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වීම නිසා බස්රථ විශාල ප්‍රමාණයක් 16 දින ධාවනය යෙදවූ බව දඹුල්ල නගරයට පැමිණි බස් රථ රියදුරන් සහ බස් රථ සේවකයන් පවසන බව අප වාර්තාකරුවන් පවසති.

දඹුල්ල නගර මධ්‍යයේ 16 දින උදෑසන මගීන්ට ගමන් කිරීම සඳහා අවශ්‍ය බස් රථ ධාවනය වන ආකාරය දැක ගැනීමට හැකි වූ අතර කෙටි දුර ගමන් සේවා සහ දුර ගමන් සේවා බස් රථ බොහොමයක් පෞද්ගලික බස් රථ සහ ලංගම බස්රථ ද සේවයේ නිරතව ඇති  බව බස් සේවකයෝ පවසති . බස් රථ සේවකයන්ගෙන් වැඩවර්ජනය පිළිබඳව විමසීමේදී කියා සිටියේ වැඩවර්ජනයක් පැවැත්වෙන බව මාධ්‍ය මගින් පමණක් දැනුම් දී තිබෙන බවය. නිසි ක්‍රමවේදයකින් තොරව වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීම නිසා එය අසාර්ථක බව බස්රථ සේවකයෝ පවසති.
දඩ කොල වලට ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කිරීම අසාධාරණ බවත් එහෙත් බස් රථ සංගම් දෙකට බෙදීම නිසා මෙම තත්වය උදා වී ඇති බවත් ඔවුහු පවසති. එමෙන්ම ඇතැම් බස් රථ රියදුරන් කියා සිටියේ වැඩ වර්ජනය කොට බස් රථය නවතා තිබියදී තමන්ගේ අඹුදරුවන්ට බඩගින්නේ සිටීමට සිදුවන නිසා සේවයේ නිරත වන බවය.
බස්රථ හිමිකරුවන් හා බස් රථ සංගම් කෙසේ කීවද බස් රථ ධාවනයෙන් ඉවත් වීමට හැකියාවක් නැති නිසා මෙන්ම නිසි ක්‍රමවේදයක් නොමැති නිසා දිවයිනේ පුරාම බස් රථ ධාවනයේ යෙදෙන බව සේවකයෝ වැඩිදුරටත් සඳහන් කර සිටිති.
දඹුල්ල නගරයේ සිටි මගීන් කියා සිටියේ තම ගමනාන්තය දක්වා අවශ්‍ය බස් රථ දඹුල්ල නගරයේ පැවති බවය. වැඩවර්ජනයක් පැවැත්වෙන ආකාරයක් තමන්ට දැක ගැනීමට නැති බව මගීහු පවසති.


COMMENTS

කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More
වෛෂ්ණාවී ජාත්‍යන්තරයට....
 Friday 19th October 2018 14:07:00
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවි සිනමා පටය වියට්නාම හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලෝක සි...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews