X

Print

LATEST NEWS

තීරණාත්මක දෙවන 20 විස්ස තරඟය අද වෙඩි වැදුනු බෙලිඅත්ත ප්‍රා .සභා විපක්‍ෂ නායක මිය යයි සාපෙළ ප්‍රතිඵල ඉදිරි සතියේදී ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර තීරණාත්මක සාකච්ඡාව අද රත්තරං ඉල්ලා අස් වෙයි පළමු 20යි විස්ස තරඟය අද කිරිපිටි මිළත් ඉහළට බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ආගමික වතාවන් සිදු කරමින් සිටි නවසීලන්ත මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්(VIDEOS) දෙවන ත්‍රිපුද්ගල මහාධිකරනය අද විවෘත කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදා දිනයේත් විවෘතයි ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර නව සන්ධානයක් ? IOC මිළත් ඉහළට එජාප පසු පෙළ මන්ත්‍රීන්ගේ විරෝධතාවය නොතකා ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඉසුරු උදාන වාර්තා පොතට එක් වෙද්දී තරඟයේ ජය දකුණු අප්‍රිකානුවන් උදුරා ගනී ෆේස් බුක් හදිසියේම අක්‍රීය වෙයි

 

add

 

ගංජ වගා කරන්න රාජිතගෙන් කැබිනට් පත්‍රිකාවක්.....


Views - 609 |Thursday 13th September 2018 15:12:32


ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී අද (13)  පෙරවරුවේ පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක් වෙමිනි.
කැනඩාව, මහා බ්‍රිතාන්‍ය කංසා සඳහා තිබූ තහනම මේ වන විට ඖෂධ නිෂ්පාදනය සඳහා ඉවත් කර ඇත. 
ශ්‍රී ලංකාවේ ද කංසා තහනම් කර ඇති අතර, එය දුමක් ලෙස ඉරීමෙන් ගැටලුවක් වන බවත්, ඖෂධීය පානයක් ලෙස භාවිත කිරීමෙන් ගැටලු ඇති නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 
ඊශ්‍රාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර කංසා සමුළුවක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය වෛද්‍යවරුන් යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානම් වෙයි.  එම සමුළුවට සහභාගි වන වෛද්‍යවරුන් කංසා වගා කිරීම සහ අලෙවිය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.  තව ද කැනඩාව ඇතුලු රටවල් රැසක් පර්යේෂණ සිදු කරමින් කංසා මගින් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  

ආයුර්වේද ක්ෂේත්‍රය සදහා අවශ්‍ය රස බෙහෙත් නිෂ්පාදනයට කංසා, අබිං හිඟවීම ගැටලුවක් බව ආයුර්වේද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.  අනවසර ලෙස කංසා වගා කර ඇති බිම් වටලා පොලීසිය විසින් අත්පත් කර ගන්නා කංසා කඩිනමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබාගැනීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළීබද අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සාකච්ඡා කර සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රස බෙහෙත් නිෂ්පාදනය සදහා ප්‍රමිතියෙන් යුත් අළුත් කංසා අවශ්‍ය බව ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා මෙහිදී සදහන් කළේය. දිවයින පුරා පළාත්වල සිටින ආයුර්වේද වෛද්‍යවරුන් සදහා අවශ්‍ය කංසා දැනට ලබාදෙන්නේ ආයුර්වේද ඖෂධ සංස්ථාව මගිනි. මෙම කංසා ප්‍රවාහනය කිරීමේ දී සහ බෙදාහැරීමේ දී ගැටලු මතුවන බැවින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
මේ අතර පෞද්ගලික අංශය  මගින් තීරු බදු රහිතව ආනයනය කරන ඖෂධ අධික ප්‍රමාණයක් ගෙන්වන අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රමිතිය පරික්ෂා කිරීමක් ද සිදු නොවන බව මෙහිදී හෙළි විය. 

ඇතැම් පෞද්ගලික වෙළෙද ව්‍යාපාරිකයින් තීරු බදු සහනයට මුවා වී ගෙන්වනු ලබන ඖෂධ වෙනත් කටයුතු සදහා යොදා ගන්නා බවට පැමිණිලි වාර්තා වී ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. 
එවැනි විෂමාචාර ක්‍රියා පිළිබදව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතාට උපදෙස් ලබාදෙන ලදි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews