Views - 747 |Friday 14th September 2018 09:44:53
පවුල්වාදය රටට නොගැළපෙන බව කමා ඊට දැඩි ලෙස විරුද්ධ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය හැර ගියේ එතුමාට හිමි තැන නොදුන් නිසා බවත් මෙවැනි දේ වලින් සිදුවන්නේ ඉදිරියේත් එවැනි පුද්ගලයන් බිහිවීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
"මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙලින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ..සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.