X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

සිංගප්පුරු ගිවිසුමේ සංශෝධන කරන බව ජනපති කියයි......


Views - 756 |Friday 14th September 2018 13:26:07


තමන් පත් කළ කමිටුව ලබාදෙන නිර්දේශ මත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ සංශෝධන සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ කමිටු නිර්දේශවල ගිවිසුමේ අහිතකර කරුණු ඇතැයි සඳහන් වුවහොත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි. එම නිසා සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති කරුණු සම්බන්ධයෙන් තමන් පත් කළ කමිටුව හමුවට ගොස් කරුණු ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සියලුම පාර්ශ්වයෙන් ඉල්ලා සිටියා.

තමන් කිසිදු අවස්ථාවක මැතිවරණ කල් දැමීමට අදහස් නොකරන බව පැවසු ජනාධිපතිතුමා , සීමා නිර්ණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගැටලු නිරවුල් වූ වහා පළාත් සභා ඡන්දය පවත්වන බව කියා සිටියේ ය. ජනාධිතිවරයා කියා සිටියේ රටේ ඡන්ද තුනෙන්ම මනාප ක්‍රමය ඉවත් කිරීම තම අරමුණ බවයි. තනතුරු දරණ ඇතැම් පුද්ගලයින් ඒ සඳහා සුදුසු දැයි නැවත සලකා බැලිය යුතු බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී පැවසුවා.

ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද දැඩි ස්ථාවරයක සිටින බවයි.
මේ අතර, තමා ඝාතනය කිරිමේ ක්‍රමන්ත්‍රණයක් ඇතැයි කෙරෙන ප්‍රකාශ පිළිබඳව පොලිසියේ විශේෂ ඒකකයක්, පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පිරිස විශේෂ සාකච්ඡාවක කැදවා ඇතැයි, ජනාධිපතිවරයා මෙම හමුවේදී පැවසුවා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය.

අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වයන් සුහදව විසඳා ගන්නේ, කෙසේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ද, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බවයි.

මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පළ වන මත සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළේ ය.
ජනාධිපතිවරයා කියා සිටියේ, රටේ ආරක්ෂක තත්ත්වය සහ යුධ හමුදාව කිසිසේත් දුර්වල වී නොමැති බවයි.
තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කර, සැකපිට සිටින ආරක්ෂක අංශ සමාජිකයින්ට තවමත් නඩු නොපවරා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයට පත් කිරිම සම්බන්ධයෙන්, පොලීසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, මිල සුත්‍රය හරහා සිදුව ඇත්තේ, මිල ඉහළ යාම බවයි. එබැවින් ඉන්ධන මිල සුත්‍රය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය. 2019 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියා සිටියේ ය.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews