X

Print

LATEST NEWS

අනුරාධපුරේ සියලු සුරාසැල් වැසේ CTB බස් වර්ජනයක් ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිළ ඉහළට අද ඉන්ධන මිළ වෙනස් වෙයි ? බුද්ධික පතිරණ ඇතුළු තිදෙනකුට ඇමති පුටු අද සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මකයි වර්ෂාව නිසා ශ්‍රී ලංකා පකිස්ථාන තරඟයට බාධා " වඩු මඩු තහනම් කරනවා ,ව්‍යාපාරිකයින්ට ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක් දෙනවා" - ජනාධිපති කියයි නැගනහිර පළාත් ආණ්ඩුකාරධූරය ශාන් විජයලාල්ට ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අද නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එජාපයට ශ්‍රීලංකාවට ලකුණු 34ක ජයක් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර AJM මුසම්මිල්

 

 

 

දින විසි එකෙන් විසි එකට මිනිසුන් මිය යන අමුතු ගමක්.....


Views - 1348 |Wednesday 19th September 2018 14:16:59


එක් පුද්ගලයෙකු මිය ගොස් දින විසිඑකක් ගතවෙද්දී ගමේ තවත් පුද්ගලයෙකු මිය යෑමේ ස්වාභාවික සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. 
ගලෙන්බිඳුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික මියයෑම සිදුවෙන බවට තොරතුරු වාර්තා වෙනවා.  ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් කියා සිටියේ ගතවූ මාස කිහිපයෙහි  පමණක් හල්මිල්ලෑව ගම්මානයේ  එක්  අයකු මියගොස් දින විසිඑකක් ගතවෙද්දී තවත් අයකු ආකාරයට මේ වන විට පහළොස් දෙනෙක් මියගොස් ඇති බව ය. ගම්මුන් කියා සිටියේ තම මරණාධාර සමිතියෙ පවා මුදල් නොමැතිව මේ දිනවල කාගෙන් හෝ එකතුකරගෙන මියයන අය භූමදාන කටයුතු සිදුකරන බවය.  එමෙන්ම ගම්මුන් දැඩි බියකින් පසුවන බවත් ඔවුහු පවසනවා.
වසර ගණනාවකින් මෙම ගම්මානයට දිය පොඳක් නොමැති වීම නිසා ඔවුහු බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති.
කෙසේවෙතත් ගම්මුන් ගෙන් කොටසක් කියා සිටින්නේ තම ගම්මානයේ පාරම්පරිකව පවත්වාගෙන එන ගම්භාර දෙවියන්ට පුද සත්කාර නොකිරීම නිසා දේව ශාපයක් ගමට උදාවී ඇති බවය.
තවත් සමහරුන් කියා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් තම ගම්මානයේ පිරිස මේ ආකාරයෙන් මිය යන්නට ඇති බවය.
ගලෙන්බිඳුනුවැව හල්මිල්ලාව ගම්මානයේ සොහොන පෙන්වමින් අයෙකු කියා සිටියේ මෑතකදී මියගිය පහළොස් දෙනා එක පෝළීමටවල දැමූ බවය. 
මේ වන විට අවසන් කෙනා  මිය ගොස් දින පහක් ගත වී සිටින නිසා ඊළඟ දින 21 ගතවෙද්දී සියලු දෙනාම දැඩි භීතියකින් පසු වන බව ඔවුහු පවසති.
ගම්මානේ පන්සලේ විහාරාධිපති මීගොඩ සංත සිරි හිමි කියා සිටියේ අස්වාභාවික මිය යෑම නිසා ගම්මානයේ ජනතාව මෙන්ම තමන් වහන්සේ ද දැඩි සංවේගයට පත්ව සිටින බවත් තමන් වහන්සේ පිරිත් සජ්ජායනා සිදුකිරීමට සහ දේව කන්නලව්වක් ගම තුළ ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව ය. 
එහෙත් ගම්මානයේ ජනතාවට මේ වන විට කිසිදු ආදායමක් නොමැති වීම නිසා බරපතල ප්‍රශ්නයකට මුහුණ පා සිටින බවද සඳහන් කළහ.
හල්මිල්ලාව ගම්මානයේ සියලුම ඇළ දොළ ගංගා සිදී ගොස් වසර ගණනාවක සිට උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.
මෙම ගම්මානයේ සිදුවෙන අස්වාභාවික මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව ඔවුහු පවසති. 
කෙසේ වෙතත් මේ පිළිබඳව කාගේ හෝ අවධානය යොමු කරන්නැයි ඔහු ඉල්ලීමක් කර සිටිති.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews