X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

ඇෆ්ගනිස්ථානය හමුවේ බංගලාදේශයට දැවැන්ත පරාජයක්.....


Views - 629 |Friday 21st September 2018 10:06:25


ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස මෙම තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 255කි.
ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 28ක් තුළ බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ මොහොමඞ් ශාසාඩ් සහ හෂ්මතුල්ලා ශහිඩි ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගූහ.
සිය එක්දින දිවියේ 3 වන අර්ධ ශතකය ලබා ගනිමින් ඇෆ්ගනිස්ථාන ඉනිම ගොඩනැගූ හෂ්මතුල්ලා ශහිඩි දැවී ගියේ ලකුණු 58 ක් රැස් කර ගෙන සිටියදී ය.
ලකුණු 160කට කඩුලු 7ක් දැවී පසුබෑමකට ලක්ව සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් ඔවුන්ගේ ඉනිමේ 8 වන කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 95ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට ගුල්බදින් නයිබ් සහ රෂීඩ් ඛාන් සමත් වීම විශේෂත්වයකි.
එහිදී වේගවත් පිති හරඹයක නිරත වූ රෂීඩ් ඛාන් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය.
රෂීඩ් ඛාන්ට අනගි සහයක් ලබා දුන් ගුල්බදින් නයිබ් පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42 කි.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 256ක ඉලක්කයක් කරා හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණි.
බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේ ය.
ශකීබ් අල් හසන් ලකුණු 32ක්, මහ්මුදුල්ලා ලකුණු 27 ක් සහ මොසැඩෙක් හුසේන් නොදැවී ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූහ.
තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත් රෂීඩ් ඛාන් පිතිකරණයෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ අතර පන්දුවාර 9 ක් නිලකුණු පන්දුවාර 3ක් සමගින් ලකුණු 13කට ඔහු දවා ගත් කඩුලු ගණන 2කි.
මුජීබ් උර් රහ්මන් සහ ගුල්බදීන් නයිබ් කඩුලු 2 බැගින් දවා ගනිමින් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ.


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews