X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බවට සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්....


Views - 279 |Friday 21st September 2018 13:04:11


ශ්‍රී ලාංකික පුහුණු උපාධි හෙද හෙදියන් සදහා විදේශිය රටවලින් රැකියා සදහා ඉල්ලුමක් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 
අරලියගහ මන්දිරයේ රැස්වීම් ශාලාවේ ඊයේ  (20) පෙරවරුවේ පැවැති සෞඛ්‍ය සේවාවේ පුහුණුව සදහා හෙද හෙදියන් 1482 කට  පත්වීම් ලිපි ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - ශ්‍රී ලංකාව තුල උපාධිධාරි හෙද හෙදියන් බිහි කිරිම සදහා කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ජයවර්ධනපුර රෝහල් භූමියේ හෙද පීඨය ස්ථාපිත කරනවා. එම හෙද පීඨය තුලින් උපාධිධාරි හෙද හෙදියන් 2000 ක් රෝගී සත්කාරක සේවා වලට එක් කිරීම අපේ අරමුණයි. පුහුණු කාලය තුල දී නේවාසික පහසුකම් ලබාදීමට ද නියමිතයි. මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 1650 ක් වැය කරනවා. උපාධිධාරි හෙද හෙදියන් සදහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රට වලින් විශාල ඉල්ලුමක් පවතිනවා. එය විදේශ රැකියා වෙළෙද පොල කරා ප්‍රවිශ්ඨවීමට ඇති හොද අවස්ථාවක්. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වත්මන් රජය වැඩියෙන් මුදල් වැය කරනවා. 2017 වසරේ දී ජාතික අයවැයෙන් සෞඛ්‍ය සදහා සියයට 3.24 ක් වෙන් කර තිබුනා. අධ්‍යාපනය සදහා සියයට 4 ක් වෙන් කර තිබුනා. බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව විධිමත් කිරිම තුලින් මැලේරියා, රුබෙල්ලා වැනි රෝග වලින් නිදහස්වීමේ සහතික ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනමා තිබෙනවා. 2019 වසරේ දී මවගෙන් දරුවාට බෝවෙන එච්.අයි.වී පාලනය කිරීමේ සහතිකය ලැබෙන අතර, වසර 2020 දී සරම්ප රෝගයෙන් තුරන්වීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදීමට නියමිතයි. ඉන් පසු ඩෙංගු සහ එච්.අයි.වී ඒඩ්ස් පාලනය කළ යුතුයි. ලෝක දුම්කොළ පාලනය කිරීමේ ප්‍රඥප්තියේ කොන්දේසි සියයට 90 ක් ඉටු කර ඇති රට ශ්‍රී ලංකාවයි. සිගරට් අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම, සියයට 90 දක්වා බදු වැඩි කිරිම, පාසල් අවට මීටර් 100 දුරින් දුම්වැටි අලෙවි කිරිම තහනම් කිරිම, ප්ලේන් පැකේඡින් ක්‍රමය හදුන්වා දීම වැනි ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පළමු අදියර යටතේ අඩු කළ අතර, දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 25 ක මිල අඩු කර තිබෙනවා. අක්ෂි කාච, ස්ටෙන්ස් මිල ද අඩු කර තිබෙනවා. පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාව තුල සිදු වූ මාෆියා ක්‍රමය නැති කර තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් නොමිලේ ලබාදෙන ස්ටෙන්ස්, අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් රෝගීන් අසීරුතාවයට පත් කිරීමේ සිද්ධීන් ද වාර්තා වෙනවා. එදා තිබූ මාෆියාවල ඇටසැකිලි තවමත් තිබෙනවා. එවැනි සිද්ධීන් පරාජය කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍යවරුන් හෘදයේ කපාටයක් විවෘත කර සැත්කමක් සිදු කළා. එය ශ්‍රී ලංකාවේ සිදු කළේ ප්‍රථම වරටයි. එක සැත්කමක් සදහා රුපියල් ලක්ෂ 20 පමණ මුදලක් වැය වනවා. නමුත් නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවාව තුලින් එවැනි සේවාවන් ලබාදිය යුතුයි. ඇතැම් සැත්කම් සදහා මුදල් නොමැති රෝගීන්ට සෞඛ්‍ය සංවර්ධන අරමුදල මගින් මුදල් ලබාදෙනවා. අපගේ අරමුණ අහිංසක රෝගී ජිවිත බේරා ගැනීමයි. සෞඛ්‍ය සේවාව තුල බදවා ගන්නා හෙද හෙදියන්ගේ සංඛ්‍යාව ද වැඩි කර තිබෙනවා. හෙද පුහුණු පාසල් 05 ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එම නිසා රෝගියාට හොද සේවාවක් ලබාදෙන ලෙස මම සියලුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ, රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

42155133_10156183806439130_7899448062920097792_n 42157414_10156183805944130_5751209114856325120_n 42194398_10156183807064130_798961674806624256_n 42204372_10156183805454130_510812898738569216_n 42222156_10156183807604130_2127145178262142976_n
 


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews