X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

හොංකොං ගුවන් ගමන් අත්හිටුවයි-සිංගප්පූරුවට වැඩි වෙයි....


Views - 306 |Friday 21st September 2018 13:34:37


ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය මාර්ග ජාලය පුරාම වෙළෙඳපොළ අවස්ථා තවදුරටත් පුළුල් කරමින් එලඹෙන ශීත සෘතුවේ දී ගුවන් ගමන්  කාලසටහනට සැලකිය යුතු වෙනස්කම් රැසක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව ජාතික ගුවන් සේවයට අයත් A330-300 යානා 2018 ඔක්තෝබර් 28 වන දින සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. මෙම නවතම පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා තුළ සුව පහසු අභ්‍යන්තර පහසුකම්, 
උසස් තාක්ෂණික ලක්ෂණ සමඟින් මගීන්ට විශේෂිත වූ පියාසර අත්දැකීමක් ලබාදෙනු ඇත. 
තවද සංචාරය අතරතුර දී නැරඹීම සඳහා චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවක් තොරාගැනීම, සජීවී ප්‍රවෘත්ති සහ කාලගුණික තොරතුරු ලබාගැනීමේ අවස්ථාව සහිත විනෝදාත්මක අංගයන් රැසකින් මෙම මැදිරි  සමන්විතය. 
එසේම සුඛෝපභෝගී පහසුකම් අත්විඳිමන් Wi-Fi සම්බන්ධතාවන් ලබා ගැනීමට,  ඇමතුම් ලබා ගැනීම සහ හෝ ඊමේල් පණිවිඩ යැවීමටද  මගීන්ට අවස්ථාව සැලසේ.

2018 ඔක්තෝබර් 29 වන දින සිට කොළඹ-සිංගප්පූරුව - කොළඹ දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කර ඇත. 
ඒ සඳහා පුළුල් බඳ සහිත එයාර්බස් A330 ගුවන් යානා හඳුන්වා දීමෙන් නවීන පන්නයේ විනෝදාත්මක පද්ධතිය, සුඛෝපභෝගී ආසන සහ ප්‍රණීත ආහාර අත්විඳීමන් ගුවන් සංචාරයේ යෙදීමට මගීන්ට අවස්ථාව සැලසේ. 
ගුවන් සේවයේ සතිපතා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමත් සමග වත්මන් කාලසටහනට අනුව සතියකට සිදුකරන ගුවන් ගමන් වාර 17 සිට  21  ක් දක්වා ඉහළ යනු ඇත. එහිදී ගුවන් මෙහෙයුම් 7 ක් එයාර්බස් 330-300 ගුවන් යානා මගින් මෙහෙයවනු ලබන අතර ඉතිරි ගුවන් මෙහෙයුම් 14  නවතම A 320 / A 321 Neo ගුවන් යානා  මඟින් ක්‍රියාත්මක කරනු ඇත. 
මෙම ධාරිතා වැඩිදියුණු කිරීමත් සමඟ සතියකට අතිරේක ආසන 2400 කට වැඩි ප්‍රමාණයක් පිරිනැමීමට අපේක්ෂා කරන අතර එමඟින් ගුවන් සේවය සිය  ගුවන් මගීන්ට වැඩි සේවාවක් සැපයීමට හැකිවෙයි.

එසේම ඈත පෙරදිග මෙහෙයුම් නැවත ඇගයුමට ලක් කරමින්, 2018 ඔක්තෝබර් 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හොංකොං මෙහෙයුම් අත්හිටුවීමටද ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. 
සැලකිය යුතු කාල සීමාවක් තුළ වාණිජ ප්‍රතිඵල පිළිබඳ තක්සේරුවක් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් ගුවන් සමාගම හොං කොං කලාපයේ අනාගත අවස්ථාවන් ඇගයුමට ලක්කරමින් වෙළදපොල සමඟ අඛණ්ඩව කටයුතු කරනු ඇත.
හොං කොං වෙත යාමට සහ පැමිණීමට දැනටමත් ටිකට්පත් මිලදී ගෙන ඇති මගීන්ට  අනෙකුත් ගුවන් සමාගම් ඔස්සේ ගුවන් ගමන් සිදුකිරීමට කටයුතු සලසා දී ඇත. 
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් කාලසීමාවන් වෙනස්වීම හේතුවෙන් සිය මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කර සිටියි.
ශ්‍රී ලංකාවේ  සම්මානලාභී ජාතික  ගුවන් සේවය  වන ශ්‍රීලංකන්  ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන්  සේවා  සන්ධානයේ  සාමාජික  ගුවන්  සේවයක්  ලෙස  කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ  රටවල් 48 ක ගමනාන්ත 114 දක්වා සිය  ගුවන් ගමන්  සිදුකරනු ලබයි. 
නවීන ගුවන් යානාවන් හි  සුවපහසු ආසන,නවීන පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක  සත්කාරය  අත්විඳීමට  ශ්‍රීලංකන්  ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ. 
ශ්‍රීලංකන්  සිය  වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකරනු ලබයි.


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews