X

Print

LATEST NEWS

තෙල් මිල සූත්‍රය හැදෙන හැටි අගමැති කියයි..... සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් විමල්ගේ අපේක්ෂාව.... මේගන් මව් පදවියට සැරසෙයි....  ICC දුෂණ විමර්ශන කමිටුව සනත් ජයසූරියට එරෙහිව චෝදනා ගොනු කරයි .... කූඹියෙකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න දෙන්නේ නෑ....  එකම මාසයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම පැවැත්වීමෙන් ගැටළු ඇතිවෙනවා.... සීගිරි අප්සරාවියන් 3D වෙයි..... යාපනය නගරයේ ආරක්ෂාව හදිසියේම දැඩි කරයි.... මන්ත්‍රී ජොන්ස්ටන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරේ IOC පිරවුම් හල් හිමියන් අර්බුධයක ඉන්දුනීසියාවේ ගංවතුර සහ නායයෑම් නිසා පාසල් ළමුන් ඇතුලුව 27 මරුට (PHOTOS) සහල් මිල පහතට ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක් නාමල් රාජපක්ෂගේ සුපිරි රථය යලි භාර දෙයි අද කාලගුණය මෙන්න

 

add

 

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ…?


Views - 281 |Monday 8th October 2018 13:52:44


තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ සෞදි අරාබියානු මාධ්‍යවේදියා ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බව තුර්කි පොලීසිය පවසයි.
ජමාල් ඛෂෝගි නමැති වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියා එලෙස ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇත්තේ, පසුගිය අඟහරුවාදා දිනයේදීයි.
කෙසේ වෙතත් කොන්සල් කාර්යාලට ඇතුළු වූ ඛෂෝගි යළි ඉන් පිටතට පැමිණ නොමැති අතර පසුව මේ සම්බන්ධයෙන් තුර්කි පොලීසිය විමර්ශනක් ආරම්භ කර ඇත.
තුර්කි පොලීසිය විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, මේ දක්වා සිදු කළ මූලික විමර්ශනවලට අනුව ඔහු ඝාතනය කර ඇති බවට පෙන්නුම් කෙරෙන බවයි.
එම ඝාතනය සැලසුම් සහගතව කළ දෙයක් බව ත් මේ වන විට අදාළ මාධ්‍යවේදියාගේ සිරුර කොන්සල් කාර්යාලයෙන් ඉවත්කර ඇති බව ත් තුර්කි පොලීසිය වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත් ඝාතනය සිදුකර ඇත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තුර්කි පොලීසිය මෙතෙක් කරුණු හෙළිදරව් කර නොමැත.
ඔහු කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි.
කෙසේ වෙතත් සෞදි ආරබිය තුර්කි පොලීසියෙන් එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, තමා ද ඛෂෝගි සෙවීමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මේ අතර සෞදිය පවසන්නේ, සිය රටට සැඟවීමට කිසිවක් නොමැති බවත් ඔහුට සිදුවූයේ කුමක් දැයි දැන ගැනීමට උනන්දුවෙන් පසුවන බවත් ය.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තුර්කිය පවසන පරිදි ඛෂෝගි ඝාතනය කර ඇත් නම් එය භයානක මෙන්ම අප්‍රකට ක්‍රියාවක් බවයි.

59 හැවිරිදි ජමාල් ඛෂෝගි වොෂින්ටන් පුවත්පතේ විචාරාත්මක මාධ්‍යවේදියෙකු වන අතර ඔහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් විචාරාත්මක පුවත් පළ කළ මාධ්‍යවේදියෙකු මෙන් ම මානව හිමිකම් මෙන් ම කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු ද වේ.
වසර කිහිපයක් සෞදියේ මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති ඔහු සෞදි රජ පවුල හා සමීපව කටයුතු කළ අයෙකි තව ද ඔහු සෞදියේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කර ඇත.
පසු කාලීනව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සෞදියේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගේ පුවත්පත් තීරු ලිපිය ද අවලංගු කර තිබේ. ට්විටර් ගිණුමේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ද ඔහුට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත.
මෙකී වටපිටාව හමුවේ ජමාල් ඛෂෝගි සි මව්බිම අතහැර අමෙරිකාවට පිටත්ව ගොස් එහිදී වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම අරඹා ඇත.


COMMENTS

එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි නවසීලන්ත අගමැතිනියගේ මාස 03 ක බිළිදිය....(PHOTOS)
 Wednesday 26th September 2018 11:11:48
මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වාර්ෂික රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නවසීලන්තය නියොජනය කරමින පැමිණියේ එරට අගමැතිනිය ජසින්ඩා ආර්ඩන්ය....
Read More
ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews