Views - 815 |Wednesday 10th October 2018 10:07:35
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. 2016 වසරේ ජුලි 2 වන දාට පසුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය යි.
ඒ අනුව දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 69ක් පවත්වා ඇති අතර ඉන් තරග 34ක් ජය ගත්තේ ශ්‍රී ලංකාව ය.
එංගලන්තය තරග 33ක් ජය ගත්තේ ය. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වූ අතර අනෙක් තරගය අවසන් වූයේ තීරණයකින් තොරව ය.
එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන එංගලන්තයට අභියෝගයක් එල්ල කිරීමට තමන් සූදානම් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ ය.මේ අතර එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝස් බට්ලර් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේදී තරග කිරීම මීට වසර කිහිපයකට පෙර තමන්ට අභියෝගයක් වුවත් මේ වන විට එම අභියෝගය ජයගෙන ඇති බවට ය.