Views - 760 |Thursday 11th October 2018 10:30:08
කාර්මික දෝෂයකට ලක්වූ ධිවර යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකික ධිවරයින් 7 දෙනෙක් රැගත් බහුදින ධිවර යාත්‍රාවක් ඇමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් විසින් සුරක්ෂිතව බේරා ගෙන තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 03 වෙනිදා ගාල්ල ධිවර වරායෙන් රැකියාව සදහා පිටත්ව ගිය " සුමා බබා-3" බහුදින ධිවර යාත්‍රාව හදිස්සි කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර ඒ වන විට එම ධිවර යාත්‍රාව ගාල්ල වරායේ සිට මුහුදු සැතපුම් 130 ක් දකුණු දිග මුහුදු කලාපයේ පාවෙමින් තිබී ඇත.
මෙම අවස්ථාවේදී එම මුහුදු කළාපය ඔස්සේ ගමන් කරමින් තිබු අමෙරිකානු නාවික හමුදාවට අයත් USS “Decatur” ප්‍රහාරක නෞකාව කාර්මික දෝෂයට ලක්ව සිටි ශ්‍රී ලාංකික ධිවරයින් රැගත් බහුධින යාත්‍රාව සහ එහි සිටි කාර්මිකයින් 7 දෙනා නිරුපද්‍රිතව සිය භාරයට ගෙන තිබෙනවා.
ඉන් පසුව අමෙරිකානු නාවික හමුදාව විසින් මේ සිදුවීම පිලිබදව කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති තිබෙනවා.
ඒ අනුව දක්ෂිණ නාවික හමුදා විධානයට අනියුක්තව තිබෙන "ජයසාගර නෞකාව" විසින් ධිවර කාර්මිකයින් සහ ධිවර යාත්‍රාව රැදී සිටි මුහුදු කළාපයට ගොස් අමෙරිකානු නාවික හමුදාවේ ආරක්ෂාවේ සිටි පිරිස සිය භාරයට ගැනීමෙන් අනතුරුව ඊයේ සවස වන විට ගාල්ල ධිවර වරායට රැගෙන ආ බව නාවික හමුදාව සදහන් කර සිටිනවා.