X

Print

LATEST NEWS

තමන් විවේචනය කල අයට කුසල් දුන්න පිළිතුර මෙන්න වාර්තා පොත් අලුත් කරමින් ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට මෛත්‍රී මහින්ද විශේෂ හමුවක් දේශපාලනකරණයෙන් ක්‍රීඩාව ඈත් කිරීමට කටයුතු කරනවා - හරීන් ශ්‍රීලංකා ක්‍රිකට් මුල්පුටුව ශම්මි සිල්වාට රන්ජන්ට බුද්ධිකට එජාපයෙන් රතු එලි කි‍්‍රකට් නිලවරණය අද "කිසිදු යුද අපරාධයක් වුණේ නෑ" - ජෙනරාල් දයා රත්නායක මහින්ද ග්‍රාම නිලධාරින් සමඟ සාකච්ඡාවක..... කෝටි 700 දියමන්ති හොරකමේ සැකකරු රිමාන්ඩ්.... ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් විවාදයට.... 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්න ජනපතිගේ එකඟ වෙයි.... යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අසාර්ථකයි... ජනපති නොසැලකූ දෙයක් ගැන රාජිත කියයි.... දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි.....

 

add

 

ඥානසාර හිමියන් සිරගතව සිටින්නේ මම නිසා නෙවෙයි - සන්ධ්‍යා එක්නැලිගොඩ


Views - 1055 |Thursday 11th October 2018 18:11:02


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කටයුතු රැසක් සිදුකර ඇති නමුත් ඒ කිසිදු වාර්තාවක් තමන් අතට පත්ව නොමැති බවත් සිය ස්වාමිපුරුෂයා ඇතුරුදන් කරවීම පිළිබඳව යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා සැඟවිය හැකි පිරිස් යුද හමුදාවේ සිටින බවත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ  (10) මහනුවරදී සඳහන් කළාය.
සිය සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව සොයා බලන ලෙස තමන් විසින් රජයට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් විමර්ශන සිදුව ඇතැයි ඊයේ  (10) මල්වතු මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඇය මෙසේ ප්‍රකාශ කළාය.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙසේද පැවැසීය.
‘‘අද මම මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් දැනුවත් කිරීමට පැමිණියේ මා විසින් සිදුකරන ආගමික සත්‍යග්‍රහය පිළිබඳව දැනුම් දීමටයි. මගේ සැමියා පැහැරගෙන ගොස් අතුරුදහන් කළේ රාජපක්ෂ රෙජීමයයි. එහි කිසිදු සැකයක් නැහැ. නමුත් යුද හමුදාව කරන ලද විමර්ශනවල වාර්තා යුද හමුදාවේ බලය සහිත පිරිස් විසින් යට ගසන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසයි කිසිඳු විමර්ශන වාර්තාවක් පිට නොවන්නේ.  ජනාධිපතිවරයා  යුද හමුදාව ආරක්ෂා කරන තත්ත්වයක් යටතේ එවැනි වාර්තාවක් නිකුත්වීම සැක සහිතයි. මට සිදුව ඇති අවණඩුව පිළිබඳව දැනුම්දීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළත් ඊට අවස්ථාවක් හිමිවුණේ නැහැ."
"මම ඉල්ලීම් රැසක් කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් තොරතුරු විමසීම් කළා. නමුත් එය කාර්යාලයක් පමණයි. විසදුමක් ලබා දෙන්නේ නැහැ. බොදුබල සේනා මහ ලේකම් හිමියන් බන්ධනාගාර ගතව සිටින්නේ මා වෙනුවෙන් කළ ක්‍රියාව හේතුවෙන් නොවෙයි. මගේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ ඉන්නේ ඇප මතයි. නමුත් උන්වහන්සේ බන්ධනාගාරගතව ඉන්නේ අධිකරණයට අපහාස කරමින් ක්‍රියාකළ නිසා." යැයි සන්ධ්‍ය එක්නැළිගොඩ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.‘‘


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More
ජාත්‍යන්තර විලාසිතා ලෝකය හෙල්ලූ ශ්‍රී ලාංකික තරුණයා...
 Monday 21st January 2019 12:59:15
ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත‍්‍රයේ මතුවෙමින් ඇති ජනප‍්‍රිය තරු අතරට ශ‍්‍රී ලාංකික තරුණයෙකුගේ නමද ඇතුළත් වී තිබෙනවා. ශ&zw...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews