X

Print

LATEST NEWS

තෙල් සංස්ථා සිදුවීමට රිමාන්ඩ් කළ නාගරික මන්ත්‍රීට අැප.... ජනපතිගේ නිල සංචාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8ක් එක්වෙති.... ඇතැමුන් රජයට පහර දීමට කටයුතු කරනවා.... සේනා කුරක්කන් වගාවටත් පැතිරෙයි... විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක්.... ''අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකම නෙමෙයි, ඕනකමක් නැතිකම'' - රවි කරුණානායක අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක... ජනාධිපති නීතිඥවරු 25 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙයි... හොරු අල්ලන්න මමත් ජනපතිට සහය වෙනවා.... සබරගමුව නව ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි... රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා නව පාඨමාලා 02 ක් .... "අපි නම් වැඩ කළා මිසක් බෙර ගගහා කෑ ගැහුවේ නැහැ" - අගමැති පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්න... මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි.... ධීවර අංශයේ අපනයන්ගෙන් ශ්‍රී ලංකාව පළමු තැනට....

 

add

 

සීගිරි අප්සරාවියන් 3D වෙයි.....


Views - 472 |Monday 15th October 2018 10:02:39


ලෝක උරුම සීගිරියේ පිහිටා ඇති සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත නව තාක්ෂණය යොදාගෙන ලේසර් කිරණ මඟින් ත්‍රිමාණ ප්‍රතිරූපකරණ පිටපත්කරණය වැඩපිළිවෙළක් මේ දිනවල ආරම්භ කොට ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
(Germany) ජර්මනියේ පිහිටි (bamberg) විශ්වවිද්‍යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මෙම  ක්‍රියාවලිය සිදුකරන බව මාධ්‍ය හමුවක් අද(14) දින සීගිරියේ පවත්වමින් මේ බව සඳහන් කළේය.
ලෝක උරුමයක් වූ සීගිරිය බොහෝ ජනතාව දැඩි ලෙස ආරක්ෂා කරන බිතු සිතුවම් සහ කුරුටු ගීත මෙම ලේසර් තාක්ෂණය යොදාගෙන පිටපත් කිරීම සිදුකෙරෙන නිසා ජනතාව දැනුවත් කරමින් එය සිදුකිරීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කර සිටී.
විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මධ්‍යම  සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බී .ඩි ,නන්දදේව, ජර්මනියේ  විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වු  මෙම ත්‍රිමාණ සිදු කරන විශේෂඥ ආචාර්ය (max rahrig) යන මහත්වරුන් විසින් මෙම මාධ්‍ය හමුවේ පෙනී සිටියහ.
ලෝකයේ විවිධ ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවේ ද මෙයාකාරයෙන් ත්‍රිමාණ ලේසර් කිරණ මඟින් ප්‍රතිරූපණය කළ බවත් එහිදී බිතුසිතුවම්වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන බව මහාචාර්ය නන්දදේව මහතා පැවසීය.
මෙම ලේසර් කිරණ මඟින් බිතුසිතුවම්වල සහ කැටපත් පවුරේ ඇති සියලු ස්ථාන ත්‍රිමාණ රූප ආකාරයෙන් පිටපත් කිරීම සිදුකෙරෙන බවත් එහිදී ගලේ සිදුකෙරෙන සිදුවන විනාශකාරී දේ හා වෙනස්වීම් අනාවරණය කර ගැනීමටත් එමෙන්ම ඉදිරියේදී යම්කිසි හානියක්   සිදුවන්නට යන්නේ නම් එය හඳුනා ගැනීම මෙමඟින් සිදු වෙන බවද හෙතෙම සඳහන් කළේ ය.
කැටපත් පවුරේ මෙම ලේසර් කිරණ මඟින් ලබාගන්නා ප්‍රතිරූපකරණයේදී ඇතැම් විට කියවා ගැනීමට නොහැකි සියුම් ස්ථානවල ඇති කුරුටු ගීත පවා කියවා ගැනීමට උපකාරී වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම මෙහිදී ලබාගන්නා සජීවී පිටපත් සිගිරි පව්වට නැගීමට නොහැකි ආබාධිත අය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇති බව ද පැවසෙයි.
මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මඟින් බිතුසිතුවම්වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයකින් (germany) තාක්ෂණය යොදාගෙන සිදු කරන බවද හෙතෙම පැවසීය.
විශේෂයෙන් හොර රහසේ මේවා සිදු නොකොට ජන මාධ්‍යයට දැනුම් දීමෙන් සිදු කරනු ලබන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ සීගිරියේ පමණක් නොව ආරක්ෂා විය යුතු ස්ථාන ලෙන් චිත්‍ර ආදී ආරක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බව යි. 
එමෙන්ම  මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මඟින් ප්‍රතිරූප කරණය සිදුකරනු ලබන්නේ රාත්‍රී කාලයේ බව ඔවුහු පවසති. 
සීගිරිය බිතුසිතුවම් ඇති ගුහාව සහ කැටපත් පවුර ජර්මන් ජාතික කණ්ඩායම සහ පුරාවිද්‍යා කණ්ඩායම් මධ්‍යම සංස්කෘතික අරමුදල කණ්ඩායම් එක්ව මෙය සිදුකරන බව ද මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය. 
ඒ සඳහා රුපියල්  මිලියනයක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් වෙන් කරවා තිබෙන බවත් එමෙන්ම තවත් විශාල මුදලක් german ආයතනයක් මඟින් ලබාදෙන බවද සඳහන් කළේය.
මෙම ත්‍රිමාණ ඡායාරූප ගන්නා ආකාරය සහ ලේසර් කිරණ මඟින් සිදුකර ආකාරය කුමක්ද යන්න දැක බලා ගැනීම සඳහා මාද්‍යවේදීන්ට සීගිරිය කැටපත් පවුර සහ බිතුසිතුවම් ගුහාවට පිවිසිය හැකිදැයි මාධ්‍යවේදීහු මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේය.
එම රූප ගන්නා ක්‍රමවේදය ලේසර් කිරණ මඟින් සිදු කරන අවස්ථාවට මාධ්‍යවේදීන් හට ගමන් කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් එහිදී සිදු කෙරුණු කරුණු පිළිබඳව පහලට පැමිණ අවශ්‍ය නම් මාධ්‍ය දැනුවත් කළ හැකි බව හෙතෙම සඳහන් කළේ ය.
 


COMMENTS

ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේදී රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී.....
 Wednesday 16th January 2019 13:22:46
මෙවර අමෙරිකාවේ ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇල්ෆොන්සෝ කුරෝන්ගේ රෝමා චිත්‍රපටය සමත් විය. ...
Read More
වන්නිලා ඇත්තෝ පවා පුදුමයට පත් කරමින් තරුණියක් ගායනා කල අපූරු බඹර කවිය (VIDEO)
 Thursday 3rd January 2019 20:30:16
ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ මාධ්‍ය ජිවිතයට 40 වසරක් පිරීම නිමිත්තෙන් "මට දැන් 40යි "නමින් කෘතියක් පසු ගියදා එලි දැක් වුණා .එහි ප්‍රධාන ...
Read More
නව වසරේ උදාව ලොව පුරා ජනතාව සැමරූ අපූර්වත්වය මෙන්න.....
 Tuesday 1st January 2019 17:02:13
 උදාවූ 2019 නව වසර සකළ ලෝකවාසීන් පිළිගත් ආකාරයයි මේ.. ...
Read More
ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews