Views - 373 |Thursday 18th October 2018 15:39:32
මන්නාරම, සමූහ මිනී වළෙහි කැණීම්වලින් සොයා ගත් අස්ථි කොටස්වල කාලය නිර්ණය කිරීම සඳහා එහි සාම්පල අමෙරිකාවට යැවීමට මන්නාරම අධිකරණය නියෝග කර තිබේ.
කැණීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඒ අනුව අදාළ සාම්පල ඇමරිකාවේ පිහිටි බීටා ඇනලයිසිස් ආයතනයට යොමු කරන බවයි.
මන්නාරම සමූහ මිනී වළෙහි කැනීම්වලදී මේ වනවිට සොයා ගෙන ඇති මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 185 කි.
මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළොව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමගයි.
මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැණීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණ.
ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරින් පිරිසක් හා වෝහාරික පුරා විද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක්ව සිටිති.