X

Print

LATEST NEWS

සංචාරක තහනම ඉවත් කරන්න - අගමැති විදේශීය තානාපතිවරුන්ගෙන් ඉල්ලයි ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි සහ සුළං ඥානසාර හිමි නිදහස් ? ස්කොට්ලන්තය පරදා ශ්‍රීලංකා පිල ජය ලබයි මිනුවන්ගොඩ සිද්ධියට අදාලව මධු මාධව ගමන්ගත් වාහනයක් පොලීසිය සොයා ගැනේ නිවස ඉදිරිපිට ඇති පාර වසාගෙන ආරක්ෂා වෙනගමන් බොරු දර්ශන දාන්න එපා -හර්ෂද සිල්වා මහින්දට කියයි හිටපු DIG නාලක සිල්වාට ඇප සමාජ මාධ්‍ය තහනම ඉවතට වයඹට සහ ගම්පහට පොලිස් ඇඳිරිනීතිය පනවයි මැයි 20 රජයේ නිවාඩු දිනයක් කරයි මුළු දිවයිනටම යලිත් ඇඳිරිනීතිය පනවයි බදියුර්දීන්ට එරෙහිව ගෙනආ විශ්වාසභංගය බැසිල් මග හරී මධ්‍යම පළාතේ සුරා සැල් අද සිට තාවකාලිකව වසා දමයි (PHOTOS) වයඹට පොලිස් ඇඳිරිනීතිය පැය 2 ඉවත් කරයි

 

 

 

මාලඹේ SLIIT ආයතනය රජයට පවරන්න නියෝග කරයි.....


Views - 956 |Friday 19th October 2018 10:54:11


ශ්‍රී ලංකා තොරතුරු තා‌ක්ෂණ ආයතනය (SLIIT) වහාම මහපොළ භාරකාර මණ්ඩලය වෙත පැවරීමට අදාල කටයුතු සිදුකරන ලෙසත්, එසේ නොකළහොත් නිත්‍යානුකුලව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් සඳහන් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ආයතනයේ ප්‍රධානියාට තර්ජනාත්මක දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන තොරතුරු තාක්‍ෂන ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා වලට සුදුසුකම් ලත් වෘත්තිකයින් බිහි කිරීමේ අරමුණෙන් 1999 වසරේ දී ආරම්භ කරන ලද SLIIT ආයතනය, මෙරට ප්‍රධානතම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගත් ආයතනයකි.
මෙහි ප්‍රධාන මණ්ඩපය මාළඹේ පීහිටා ඇත. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකයෙකි.
SLIIT ආයතනය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පනත යටතේ වරලත් උපාධි පිරිනමන ආයතනයක් වන අතර එහි මේවනවිටත් සිසු සිසුවියන් 8000කට වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය හදාරති. 
උසස්  සමත් වුවද මෙරට සරසවි අධ්‍යාපනය හැදෑරීමට හිමිකමක් නොලබන සිසු සිසුවියන් 2500ක් පමණ වාර්ෂිකව මෙම ආයතනයේ උපාධි පාටමාලාවන් සදහා එක්වේ. විදෙස් රටක මෙවැනි පාඨමාලාවන් හැදෑරීමට ලක්ෂ 100කට අධික මුදලක් වැය කිරීමට තරම් වත්කමක් නැති දෙමාපියන්ට තම දරුවන්ට මෙරට තුලදීම ජාත්‍යන්තරව පිළිගත් උපාධි සහතිකයක් අවම මිලක් යටතේ ලබාදීමට කටයුතු යොදා ඇත.  ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කර ඇති මෙම සමගම විසින් ආර්ථික දුෂ්කරතා ඇති දක්ෂ සිසු සිසුවියන් 100කට වැඩි ප්‍රමාණයකට උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා වාර්ෂිකව නොමිලේ ශිෂ්‍යත්ව ලබා දෙයි. 

කෙසේ වුවද උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ, මහපොළ භාරකාර මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතී මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය  (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් වෙත කූට ලෙස පැවරීම නිසා  කිසිදු හිමිකාරීත්වයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇති බවයි. 

මේ පැවරීම දින 100 ආණ්ඩුව යටතේ එවකට ආහාර සුරක්ෂිතා ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සමයේදී සිදුව ඇති බවද මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයන්ව කිසිදු දැනුවත් කිරීමකින් තොරව ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා ගත්  තනි තීන්දුවක් අනුව ක්රියාත්ම වී ඇති බවද ඇමතිවරයා කියා සිටියේ පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පවතී මාධ්‍ය සාකච්ඡාවකදීය.  මේ හේතුවෙන් එම ආයතනයේ සිසුන් 700 කගේ පමණ වගකීම භාර ගැනීමට බලධාරියෙකු නොමැති බවද ඔහු  පැවසුවා.

මේ පැවරීම පිලිබදව තමා වෙත පවතින තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මහපොළේ කිසිම ලිපි ගොනුවක නොමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කොට කැබිනට් අනුමැතියක් රහිතව මෙම පැවරීම සිදු කර ඇති බව ඇමතිවරයා සදහන් කළා.


 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews