X

Print

LATEST NEWS

රනිල් ඉවත් කරන්න එජාපෙන් ආරම්භ කරපු කුමන්ත්‍රණයක්..... මුලතිව් යුද හමුදාව සතු ඉඩම් නැවත ජනතා අයිතියට.... වත්මන් අගමැතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙනුත් ගැටලුවක් ජවිපෙ පෙන්වයි.... හෙට සිට වැසි වැඩි වීමක්..... අද රැස්වූ පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දක්වා කල් තබයි.... මුදල් අමාත්‍යංශය එක් අයෙකුට දිය යුතුයි - අසාද් සාලී වෙල්ගම ජනපතිට අභියෝග කරයි.... නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..... කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ..... ගලකින් ගසා 70 හැවිරිදි කතක් නසයි..... ඌවේ හිටපු අමාත්‍යවරයෙක්ගෙන් ජනපතිට ඉල්ලීමක්..... රෝසි අයවැය ඉදිරිපත් කරයි.... ජනාධිපතිවරණයක් ජනවාරි 09 වනදාට පස්සේ තියන්න පුළුවන්..... විධායක ජනාධිපති ධුරය රටට කෙතරම් අහිතකරදැයි තහවුරු වුණා - JVP පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ....

 

add

 

කථානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති  බව ජනපති කියයි....


Views - 204 |Thursday 15th November 2018 09:59:52


කතානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපතිවරයා එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතිය ඉදිරියේදී විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවක කථානායකවරයා ගත් ක්‍රියාමාර්ග එකී නඩුවේ හරයට අගතිදායක බවයි.
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ඒ සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියාකර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර ඇති අතර පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් තමා වෙත යොමු කිරීම තුළින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට ගත් උත්සහ ගැන ද කණගාටුවට පත් වන බව ජනාධිපතිවරයා පවසයි.
අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිමේදී පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඇති නමුත් අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති, නැති, බව පෙන්වීමේ අවශ්‍යතාවක් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ නොමැති බව ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියේ සදහන් කර තිබේ.
තමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයන් හි ව්‍යවස්ථානුකූලත්වය නිර්ණය කිරීමට පාර්ලිමේන්තුව වෙරදැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි සහ අනන්‍ය බලය අතික්ක්‍රමනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පවසයි.

කථානායකවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ඒ පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසයත් ආරක්ෂා කර ගැනීම පිණිස ස්වාධිනව කටයුතු කිරීමේ වගකීම කණගාටුවෙන් වුවත් සිහිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
තමා විසින් සිදු කර ඇති පත්විම් සහ නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දක්වා ඇති ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීතිමය තීරණයන් බවත් ජනාධිපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ සඳහන්ය.
අගමැතිවරයෙකු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පූර්ණ බලධාරියා වන්නේ තමා බවත්, කථානායකවරයා එවා ඇති මන්ත්‍රී අත්සන් ලේඛනයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ මත නොවැම්බර් මස 14 වන දින ලෙස යොදා ඇති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


COMMENTS

ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews