Views - 489 |Monday 21st January 2019 12:59:15
ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්රයේ මතුවෙමින් ඇති ජනප්‍රිය තරු අතරට ශ්‍රී ලාංකික තරුණයෙකුගේ නමද ඇතුළත් වී තිබෙනවා.
ශ්‍රී ලාංකික මව්පියන් යුවළකට දාව නෝර්වේහි ඔස්ලෝ නුවර දී උපත ලද ඔහු ජීනු මහදේවන්.
තවමත් 20 හැවිරිදි වියේ පසුවන ඔහු ලන්ඩන්, පැරිස්, මිලාන් සහ නිව්යෝර්ක් ඇතුළු ලෝක ප්‍රකට විලාසිතා ප්‍රදර්ශනවල කැපී පෙනෙන චරිතයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඔහුගේ සමෙහි වර්ණයයි. තළෙලූ සමක් සහිත මහදේවන් විලාසිතා ලෝකයේ සීමිත දකුණු ආසියානු චරිත අතරට ද එක් වී තිබෙනවා. ඔහු පවසන්නේ සමෙහි වර්ණය පිළිබඳ තමා ආඩම්බර වුවත් බොහෝ ආසියාතිකයින් තවමත් සුදු පැහැති සමක් පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන බවයි.