X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

වතු කම්කරුවන් යළිත් උද්ඝෝෂණවල නිරත වෙයි....


Views - 608 |Wednesday 23rd January 2019 12:20:11


තම දෙෙනික මුලික වැටුප රු 1000 ලෙස වැඩි කර දෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විය.

හැටන් ,බගවන්තලාව යන යන පොලිස් වසම් වලට අයත් ඇතැම් තේ වතු කම්කරුවන්  අද(23) දින වැඩ වර්ජනයක නිරත වෙමින් ප්‍රධාන මාර්ග වලට පිවිස කළු කොඩි අතැතිව උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණි.    

වතු කම්කරුවන් කියා සිටින්නේ තම දෛනික මූලික වැටුප රු 1000 දක්වා වැඩි කර දෙන බවට වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වී දින ගණනාවක් එම වෘත්තිය සමිති නායකයින්ගේ ඉල්ලීම පරිදි වැඩ වර්ජනයකද නිරත වු බවයි.   

එම නායකයින් තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කර දීමට තවදුරටත්  කටයුතු නොකිරීම හේතුව මත තමන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂණ ව්‍යාපාර වල නිරත වන බවද උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේය.  

බගවන්තලාව නගරයට පිවිසි වතුකම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයේ නියැලි සිටියේය.  

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය, වතු ඒකාබද්ධ වෘත්තිය සමිති සහ රජය අතර අවස්ථා කිහිපයකම පැවති සාකච්ඡා වලදී වතු හාම්පුතුන්ගේ සංගමය අවධාරණය කර  ඇත්තේ දැනට වතු කම්කරුවකුට දිනක මුලික වැටුප වශයෙන් ගෙවන රු 530 වැටුප රු 600 දක්වා වැඩි කිරීමට හැකි බවත්, වසරකට රු 25 බැගින් ඉදිරි වසර තුනක් ඇතුලත වතු කම්කරුවකුගේ මුලික වැටුප රු 675 දක්වා වැඩි කිරීමට හැකි බවයි. ‍

එම  යෝජනාව එම සාකච්ඡාවලට සහභාගී වු වතු ඒකාබද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.

එසේම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක්  ‍ලෙස වැඩිකරන ලෙස ඉල්ලා මාතලේ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී  අද(23) වන දින විරෝධතාවකද නිරතවූහ.  

එම විරෝධතාව සඳහා වතු කම්කරුවන් වෘත්තියවේදීන් හා ස්වෙච්ඡා සංවිධානවල නියෝජිතයින් සහභාගි වී තිබේ.

විරෝධතාවට එක්වු වතු කම්කරුවන් ඉහල ගොස් ඇති බඩු මිළට සාපේක්ෂව දෛනික වැටුප  වැඩි කරන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාව පවත්වන බවත් තමන්ට ලැබෙන දෛනික වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් මේ සඳහා එක්වු වතු කම්කරුවන් සඳහන් කළේය.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews