Views - 172 |Friday 8th February 2019 15:45:11
අමෙරිකාව, වෙනිසුවෙලානු ජනපති නිකලස් මධුරෝ යටතේ සේවය කරන සියලු නීති නිලධාරීන්ගේ වීසා බලපත්ර අත්හිටුවා තිබේ.
ඒ, ජනපතිවරයා දිගින් දිගටම අමෙරිකාව, ලතින් අමෙරිකානු රටවල් මෙන්ම යුරෝපා රටවල් පිළිබඳව කරන දැඩි විවේචන හේතුවෙනි.
වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ එරට අන්තර්වාර ජනපති තමන් බවට පසුගියදා ප්රකාශ කළේ ය.
ඒ සමගම අමෙරිකාව ඇතුළු අදාළ රටවල් කියා සිටියේ, වෙනිසුවෙලානු නායකයා ලෙස විපක්ෂ නායකවරයා පිළිගන්නා බව ය.