Views - 166 |Sunday 10th February 2019 00:16:58
ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතා පවසනවා .ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින්
ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා සදහන් කළා .
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුව අද පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී පැවැත්වුණා .