Views - 158 |Monday 11th February 2019 09:50:55
ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය ලයිකා මොබයිල් හිමිකරු සුබාස්කරන් අලිරාජා හා ඔහුගේ බිරිඳට අයිති වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයාද මෙයට වගකිව යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ(10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු සුබාස්කරන් අලිරාජා හා ඔහුගේ බිරිඳට මේ වන විට ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරය මුළුමනින්ම අයිති වී ඇති බවත් එම සමූහ ව්‍යාපාරය මිලදී ගත්තේ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගම විසින් බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ අතර මහ බැංකුව මෙම ගනුදෙනුව සිදු වූ 2018 ජනවාරි 12 වැනිදා පැවසුවත් 2018 ජුලි 24 වැනිදා වන විට එම සමාගමේ කොටස් 100%ක්ම සුබාස්කරන් අලිරාජා සහ ඔහුගේ බිරිඳට අයත් පෙටීහෝ සමාගම මිලදී ගෙන ඇති බවත් මේ රටත් ජනතාවත් රැවටූ ගනුදෙනුවට අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පමණක් නොව මහ බැංකු අධිපතිවරයා ද සම්පූර්ණයෙන්ම වගකිය යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා සඳහන් කළේය.