X

Print

LATEST NEWS

දේශපාලනඥයින් වැඩ හරියට කරනවා නම් ගම්වල ගැටළු අඩුයි..... වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලීමක් කරයි.... බන්ධනාගාර රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි.... ඉදිරියේදී මිරිදිය මසුන් සඳහා පාලන මිලක්.... රවීගෙන් බන්දුලට අභියෝගයක්.... පළාත් සභා මැතිවරණය එකම දිනක පැවැත්විය යුතුයි.... සියළුම යාන්ත්‍රික කියත් අනිද්දා සිට ලියාපදිංචි කිරීම අරඹයි.... ජවිපෙන් ජනාධිපති අපේක්ෂකයෙක්... ආණ්ඩුව වගකිව යුතු දෙයක් ගැන ප්‍රසන්න කියයි.... මෙම වසර තුලදී අලුත් ආණ්ඩුවක් ස්ථිරයි - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ යහපත් යෝජනාවලට අපි විරුද්ධ නෑ..... පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව 20 වෙනිදා සභාගත වෙයි.... දියවන්නාවේ කාන්තා මළ සිරුරක්.... පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ.... ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අද මංගල හමුවට....

 

add

 

ගෝඨාගේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප වෙයි.....


Views - 221 |Monday 11th February 2019 11:36:58


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත්කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි.

එබැවින් මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට තිබෙන බලය සම්බන්ධයෙන් තීරණයක් දීමට තමන්ට හැකියාවක් නොමැති බව ද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් අවධාරණය කර සිටියේය.

ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවයි ප්‍රකාශ කළේ.

එමෙන්ම විත්තිය විසින් ඉල්ලා සිටි පරිදි මෙම නඩුව විභාගයට ලෙස දන්වමින් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයේ පිටපතක් විත්ති පාර්ශවය වෙත විවෘත කිරීමට ද අධිකරණය නියම කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩුවේ 6 වන විත්තිකරු ලෙස නම් කර සිටින මහින්ද සාලිය නැමැත්තා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඔහු අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව ලබන 22 දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට විත්තිකරුවන්ගේ උත්තර ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව ආරම්භ වී සුළු වේලාවකින් ඔහු අධිකරණයට පැමිණියේය.

ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මාර්ගයේ පැවති අධික වාහන තදබදය හේතුවෙන් ඔහුට නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් විත්තිකරුවන්ට නිසි වේලාවට අධිකරණය පෙනී සිටින මෙන් අවවාදයක් කරනමෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම විත්තිකරුවන් නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ව්‍යවස්ථාදායකය විසින් මෙම විශේෂ මහාධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ බරපතළ ආර්ථික සහ මූල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරීමට බැවින් මෙම නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් කරුණු දක්වා තිබුණි.

මෙම නඩුව සාමාන්‍ය මහාධිකරණය වෙත යොමුකළ යුතු නඩුවක් බව සඳහන් කළ විත්තියේ නීතිඥවරු මෙම විරෝධතා පිළිගෙන නඩුව ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කර තිබුණේ මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග වීමට සුදුසු බවට අගවිනිසුරුවරයා විසින් තීන්දු කිරීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය ආරම්භ වී ඇති බවයි.

මේ හේතුවෙන් විත්තිය විසින් මතුකරන විරෝධතාව පදනම් විරහිත හෙයින් එය ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කරන ලෙස ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More
ජාත්‍යන්තර විලාසිතා ලෝකය හෙල්ලූ ශ්‍රී ලාංකික තරුණයා...
 Monday 21st January 2019 12:59:15
ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත‍්‍රයේ මතුවෙමින් ඇති ජනප‍්‍රිය තරු අතරට ශ‍්‍රී ලාංකික තරුණයෙකුගේ නමද ඇතුළත් වී තිබෙනවා. ශ&zw...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews