X

Print

LATEST NEWS

අගෝස්තු 01දා සිට කටුනායක ගුවන් තොටුපල සම්පූර්ණයෙන් විවෘත කරයි මොරටුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ "ගොනාකෝවිලේ රාජා" පොලිස් වෙඩි පහරකින් මරුට පෙරහුරු මැතිවරණය අද පොසොන් පොහොය අද අමෙරිකානු නිලධාරියෙක් PCR පරීක්ෂණයකින් තොරව ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි නාවික හමුදා සාමාජිකයින් 33ක්ට කොරෝනා අසාදනය වෙයි අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය හෙට චන්ද්‍රග‍්‍රහණයක් ජුනි 04 රජයේ නිවාඩු දිනයක් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පාඨලීගේ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ OIC ට වරෙන්තු කොරෝනා ආසාදනය වූ යුධ හමුදා නිලධාරියෙකුගේ සමිපතයින් දෙදෙනෙකුටත් කොරෝනා අද සිට ධාවනය කරන දුම්රිය සහ බස් රථ ප්‍රමාණය වැඩි කෙරේ මෙරට තවත් කොරෝනා මරණය වාර්තා වෙයි තවත් ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ - මෙරට ආසාදිතයන් ගණන 1633 දක්වා ඉහළට (update) තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

 

 

 

දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස්


Views - 605 |Saturday 23rd May 2020 23:31:15



කොවිඩ් 19 වෛරසය සමග ලොව රටවල් කිහිපයක කුඩා දරුවන් අතර වාර්තා වූ "කවසකි" රෝගය මෙරට ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටිනවා. මෙම රෝග තත්ත්වය වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට බලපාන බැවින් දෙමාපියන් හොද අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

දින 05 කට වඩා වැඩි කාලයක් උණ, සිරුරේ රතු ලප ඇතිවීම, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, දිව ස්ට්‍රොබරි ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වීම සහ ඇස් රතුවීම මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම BCG එන්නත ලබාදීමෙන් පසු ඇතිවන කැළල වටා රතු පැහැති බිබිලි ඇතිවීම මෙම රෝගය හඳුනා ගැනීමට හැකි 

" සාමාන්‍යයෙන් වසරකට "කවසකි" රෝගය ආසාදනය වූ රෝගීන් 50 ක් 100ක් අතර ප්‍රමාණයක් මෙරටින් වාර්තා වනවා. නමුත් කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග කවසකි කියන මෙම රෝගය කුඩා ළමුන් අතර ව්‍යාප්තවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති වෙලා තිබෙනවා කියලා විදේශ රටවලින් වාර්තා වෙලා තිබෙනවා. කොවිඩ් වසංගතයට ගොදුරුවූ ළමුන් පසුව මෙම රෝග තත්ත්වයට මුහුණ දෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම රෝගය 1967 වර්ෂයේදී ජපානයෙන් පළමුව වාර්තා වුනේ. එමෙන්ම මේක ස්වයං ප්‍රතිදේහ රෝගයක් කියලයි හඳුනා ගෙන තියෙන්නේ. ඒ නිසා දරුවන් සිටින දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන හොඳ අවබෝධයකින් සිටීම වැදගත්. ඒ නිසා මේ ඉහත කියූ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පිළිගත් රෝහලක ළමා රෝග විශේෂඥයෙක්ට පෙන්වීම වැදගත්.

මෙම රෝගය සමහර ළමුන්ට ඇතිවෙලා දින කිහිපයක් ගත වෙන කොට එය ඔවුන්ගේ හෘද වස්තුවේ ධමනි වලට බලපෑම් එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දරුවන් අඩු වයසින් හෘදයාබාධ වලට ගොදුරු වෙලා මියයන්න හේතුවත් මෙම කවසකි රෝගයයි" ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා ප්‍රකාශ කර සිටියා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews