Views - 1739 |Thursday 17th March 2016 08:14:18
දෙහිවල - කවුඩාන පාරේ නිවසක මියගොස් සිටිය දී ඊයේ (16) හමු වූ එකම පවුලේ සිවුදෙනාගේ මරණවලට හේතුව විස වායු ආඝ්රාණය වීමක් යැයි හෙළිව තිබේ. එකම පවුලේ පියා, මව, දියණිය හා තවත් ඥාති දියණියක මෙලෙස මියගොස් ඇත.
විස වායුව කාබන් මොනොක්සයිඩ් විය හැකි බවට සැක පළ කරන අතර මුළුතැන්ගෙයි තිබුණු විදුලි උඳුන ද, ෆැන්ට්රි කබඩයේ කොටසක් ද, පිඟන් කෝප්ප ආදිය ද පිළිස්සී ඇති බව පොලිසිය පවසයි.
නිවසේ පිහිටීම අනුව සුළං පිටවීම සඳහා ඇති ඉඩකඩ අවම බව වාර්තා වන අතර බිත්තිවල ඇති ඇඟිලි සටහන් එහි පදිංචිකරුවන්ගේ විය හැකි යැයි සැක කරයි.
හදිසියේ විදුලි උඳුන ගිනි ගැනීමෙන් හටගත් දුමාරය වැදීමෙන් ඔවුන් අඳුරේම නිවසින් පිටවීමට උත්සාහ දරා ඇති බව පෙනේයැයි ද, දැරියන් දෙදෙනා සාලයේ මුනින් අතට වැටී සිටීමෙන් ඒ බව පෙනේයැයි ද, එහෙත් අඳුර නිසා ඔවුනට දොරවල් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.