X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ලිංගිකව එක්වෙන්න කලින් මුතුන්මිත්තෝ පුරුෂ ශක්තිය වැඩි කරගත්තේ මෙහෙමයි


Views - 23110 |Wednesday 30th March 2016 12:16:08


අතීතයේ නම් යුවළක් විවාහ වෙලා ටික කලක් ගත්වෙනකොට කාන්තාව ගැබ් ගත්තේ නැත්නම් සමාජය කෙළින්ම ඇගිල්ල දික් කලේ කාන්තාවට. එත් අද ඒ තත්වය ගොඩක් වෙනස්.

සමහර විට ඔයාල දන්නවත් ඇති නොදන්නවත් ඇති, වර්තමානයේ මඳ සරු භාවය කියන එක සෑම පවුල් 7කින් එකකට ප‍්‍රශ්නයක් වෙලා තියනවා. ඒකෙන් 60%ක් කාන්තාවන්ගේ දුර්වලතා නිසාත් 40% පිරිමින්ගේ දුර්වලතා නිසාත් ඇති වෙනවා.

ඉතින් මේ තත්වය තරමක් දුරට හරි පාලනය කරන්න සමත් ඖෂධයක් තමයි වැල්පෙනෙල කියන්නේ. වැල්පෙනෙල ශුක‍්‍ර ධාතු වර්ධනයටත්, අණ්ඩ කෝෂවල ඉදිමුම් තත්වයන් සමනය කිරීමටත් සමත්.

අතීතයේදී මේ මහගු ඖෂධය හර්නියා අමාරු සුව කිරීමටත්, හන්දි වේදනා සඳහාත්, ස්නායු දුර්වලතා, ආතරයිටීස් සඳහාත් භාවිතා කරලා තියෙනවා. සඳහා අතීතයේ සිටම භාවිතා කරලා තියෙනවා. වැල්පෙනෙල කැඳ පුරුද්දක් ලෙස පානය කිරීමෙන් කාම ශක්තිය වර්ධනය වීමකුත් වෙනවලූ.

මේක කාන්තා පිරිමි දෙපාර්ශවයටම එක සේ සුදුසු උනත් වැඩි පුර ප‍්‍රතිපල දායක වෙන්නේ පුරුෂ පක්ෂයට. මීට අමතරව අධි රුධිර පීඩනය පාලනය කරන්නත් වැල්පෙනෙල වලට විශේෂ හැකියාවක් තියෙනවා. වැල්පෙනෙල වලින් කැඳක් හදාගන්න විදිය අපි කියල දෙන්නම්. මේකත් හදන්නේ සාමාන්‍ය කොළ කැඳක් හදන විදියටම තමයි.

 

අවශ්‍ය ද්‍රවය

වැල්පෙනෙල මිටක්
පොල් ටිකක්
කැකුළු සහල් මිටක්
ඉගුරු පෙත්තක්
සුදුළූණු
රතුළූණු
කරපිංචා ඉති 4,5ක්
ලූණු

සාදන ආකාරය

වැල්පෙනෙල ගෙඩි ඉවත්කර සෝදා පිරිසිදු කරගෙන කරපිංචා ටිකත් සමග කොටාගන්න. දැන් ඒ මිශ්රණයට වතුර ටික ටික දාල යුෂ ටික හොඳින් මිරිකාගන්න. ඊළගට පොල් ටිකත් කොටා හෝ මිරිකාගන්න.

දැන් සෝදා පිරිසිදු කරගත් කැකුළු සහල් ටික කුඩා කැබලි සිටින සේ වංගෙඩියේ හෝ බ්ලෙන්ඩරයේ කොටාගන්න. (එහෙම බැරි නම් සහල් විදියටම හොඳින් තම්බලා හැන්දෙන් පොඩි කරගන්නත් පුළුවන්

එයට අවශ්‍ය පමණ වතුර දාල ලිපේ තියන්න.මේකටම ඉගුරු, සුදුළූණු, රතුළූණු සහ ලූණුත් එකතු කරගන්න හැඳිගාමින් පිසගන්න. මොකද එහෙම හැඳිගෑවේ නැත්නම් සහල් කැබලි භාජනයට අල්ලන්න බලනවා.

සහල් ටික හොඳින් තැම්බුනු පසු පොල්කිරි ටික එකතුකරලා පැහිදාන තුරු පිසගන්න. ඊළගට වැල්පෙනෙල යුෂ ටික එකතු කරලා විනාඩියක් පමණ හැඳිගාමින් පිසගෙන ලිපෙන් බාගන්න.

අවසානයටත් ලූණු පදම බලලා අවශ්ය නම් එකතු කරගන්න මතක තියාගන්න. මොකද අපි වරින් වර පොල්කිරි සහ වැල්පෙනෙල යුෂ එකතු කරන නිසා ලූණු රස මදිවෙන්න ඉඩකඩ තියෙනවා. කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක මේක ඉතා රසවත් පානයක් වේවි.

ඉතින් ඔයත් වැල්පෙනෙල ටිකක් ගෙවත්තේ වවාගෙන මේ කැඳ හදාගෙන බොන්න. එතකොට වැල්පෙනෙල වල මහගු ගුණ ඔබටත් අත්විඳින්න පුළුවන්.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews