X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ජිවිත කාලය පුරා විඳවන දියුණු ලෝකයේ තවමත් සිදු කරන අති අමානුශික ලිංගික චාරිත්‍ර


Views - 30605 |Wednesday 6th April 2016 10:06:13


මෙම ලිපිය අන්තර්ජාලයේ තිබී උපුටාගත්තකි. කතුවරයෙකු සඳහනක් නොමැති මෙම ලිපිය රචකයා ලියූ අයුරින්ම ඉදිරිපත් කර ඇති බැව් කරුණාවෙන් සළකන්න.

කාන්තවන්ගේ සුන්නත් කිරීම එහෙමත් නැතිනම් චර්ම ෙඡ්දනය සම්බන්ධ කරගෙන එකිනෙකාට අපහාස කර ගැනීම් කිහිපයක් දක්නට තිබුනි, මෙය ම්ලේච්ච ක්රියාවක් වන නමුත් එයට ලක්වුවන්ට පහර ගැසීමට හෝ අපහාස කිරීමට එය භාවිතා නොකල යුතුය. මෙම ක්රියාව ඒ තරම් ම අමානුශික ක්රියාවකි. කිසිවෙකුත් ඉපදෙන විට රටවල් ආගම් ජාතීන් තෝරා ඉපදෙන්නේ නැත, ඔවුන්ගේ ඉරනම අනුව එකිනෙකා විවිධ රටවල් විවිධ ජාතීන් විවිධ ආගම් තුල ඉපදේ,මේ නිසා ඔවුන්ට අනුගමනය කරන්නට වෙන, හෝ ඔවුන් ගොදුරු වන දේවල් භාවිතා කර අපහාස කිරීම නොහොබිනා ක්රියාවකි.

උඩ කෑල්ල කපලා දැයි, කොන කපලා දැයි අහන පුද්ගලයින්ද මෙම රටවල් වල මෙම ජාතීන් වල මෙම ආගම් වල ඉපදුනා නම් ගොදුරු වන්නේ මේ ඉරනමටමය.එම ක්රියා විවේචනය කිරීම එකකි, ඒවාට ලක්වූ පුද්ගලයින් විවේචනය කිරීම තවකෙකි, මේ දෙකේ වෙනස තේරුම් ගත යුතුය . කෙසේ වෙතත් මෙම කාන්තාවන්ගේ චර්ම ෙඡ්දනය පිලිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත, මෙය ජීවිත කාලයම විඳවීමට සිදුවන සිද්ධියකි . චර්ම ෙඡ්දනය පිලිබඳව අදහසක් ලබදීමට වරිස් ඩයිරිගේ ඩෙසර්ට් ෆ්ලවර් නම් ස්වයං චරිතාපදාන්යේ සිංහල පරිවර්තනයෙන් උපුටා ගත් කොටසක් පහත දැක්වේ

අහිකුන්ඨක ගැහැනියත් අපත් අතර කිසියම් හෝ කතා බහක් නොවීය. ගැහැනිය කෙලින්ම කටයුත්තට බැස්සාය. අනතුරුව ඇය මගේ පිටුපස හිඳ මගේ හිස ඇයගේ (වාරිස් ගේ මව) පපුවට හේත්තු කර ගත්තාය. මගේ දෙ අත්වලින් මම අම්මගේ දෙකලව තදින් හිරකොට අල්ල ගතිමි. අම්මා තරමක ලී කැබැල්ලක් මගේ දත් ඇඳි අතර තබා එය තදින් විකා ගන්න ලෙස කීවාය..

හරි වේදනාවයි නේද ?” දත් ඇඳි දෙකෙන් විකාගෙන සිටින ලී කැබැල්ල තුළින් මම මිමිනුවෙමි. මට ඔය අල්ලගෙන බෑ.. හොඳ මැණික වගේ ද`ගලන්නේ නැතුව ඉන්නකෝ.. ඕක විනාඩියෙන් ඉවරයි” අහිකුන්ඨක ගැහැනිය බ්ලෙඞ් තල කැබැල්ලක් අතට ගත්තාය. බ්ලේඞ් තල කැබැල්ල මත තිබූ ලේ පැල්ලම් මම දුටුවෙමි. එකවරම ඇය බ්ලෙඞ් තල කැබැල්ලට කෙල පහරක් ගසා  ඇඳිවතේ පිරිමදින අතර, මගේ ලෝක්යට අඳුර එක් කරමින් මගේ දෙනෙත් වැසී යන සේ රෙදි කැබැල්ලක් තැබූ අම්මා එහි කෙලවරවල් දෙක මගේ හිස පිටුපසට තබා හිර කොට බැඳ දැමුවාය.

එකෙනෙහිම මගේ යෝනියේ යම් කොටස් කැපී යනු මට දැනෙන්නට විය. ඊල`ගට මගේ යෝනි චර්මය මත ඒ මේ අත දිව යන බ්ලේඞ් තල කැබැල්ලේ හ`ඩ මට ඇසෙන්නට විය. ඒ සිද්ධිය මතකයට එන හැම අවස්ථාවකම එවැනි දෙයක් මට සිදුවූවා යැයි මට ම අදහාගන්නට නොහැකිය. ඇත්තෙන්ම මගේ අත්දැකීම විස්තර කරන්නට මේ ලෝකයේ භාශාවක් නැත. මෙය ඔබගේ කලවෙන් මස් කැබැල්ලක් කපා වෙන් කරනවා හෝ අතක් කපා දමන විට හෝ දැනෙන වේදනාව වැනි යැයි හඳුන්වන්නට හැකි නමුදු, ස්ත‍්‍රී යෝනිය යනු ගැහැනිය ගේ ඉතාමත් සංවේදී කොටසක් බැව් අමතක නොකල යුතුය. ද`ගලන්නට ගියහොත් වේදනාව දෙගුන තෙගුන වන හෙයින් ගලක් මෙන් මම නොසෙල්වී සිටියෙමි. එහෙත් අවාසනාවකට මෙන් කිසියම් ශාරීරික දුර්වලතාවක් හේතුකොට ගෙන පාලනය කල නොහැකි ආකාරයට මගේ දෙපා ගැහෙන්නට විය. මෙය ඉක්මනින් අහවර වන්නට කියා මා දෙවියන්ට යාඥා කළ අතර මට මුත‍්‍රා පහව යන්නට විය.

ඒ වනවිට මෙම කටයුත්ත අහවර වී ඇතැයි සිතූ මා මගේ දෙනෙත් බැඳ තිබූ රෙදි කැබැල්ල ඉවත්කර දෙනෙත් හැර බැලූ කල දුටුවේ මහත් වේදනාකාරී කොටස පටන්ගෙන ඇති බවය. අහිකුන්ඨක ගැහැනිය ආකාසියා ගසකින් කපාගත් උල්වූ කටු රැසක් පරික්ශා කරන බව මම දුටුවෙමි, කටුවකින් මගේ යෝනී චර්මය සිදුරු කල ඇය, ඝන සුදු නූලකින් යෝනියේ වූ අවයව කපා දැමූ ස්ථාන මසන්නට පටන් ගත්තාය,මගේ දෙපා පණ නැතිව ගොස් තිබූ අතර, දරා ගන්නට නොහැකි වේදනාවක් මට දැනෙන්නට වූ අතර හිස පාත් කොට බැලූ කල දුටුවේ අහිකුන්ඨක ගැහැනිය මගේ යෝනි චර්මය මසන අයුරුය. ඒ මොහොතේ යම් සාමකාමී බවක් දැනෙන්නට වූ අතර, තවදුරටත් බියක් හෝ කනගාටුවක් නොවීය.එතැන් සිට කුමක් සිදුවූවා දැයි මට මතක නැත. දෙනෙත් හැර බැලූ කල අහිකුන්ඨක ගැහැනිය පෙනෙන්නට නො සිටියාය. ඔවුන් මගේ දෙපා එකිනෙකට තබා උඩ සිට පහලට රෙදි වලින් වෙලා ගොස් සිටි බැවින් මට හෙළවෙන්නටවත් නොහැකි විය.

සියලූම වේදනාවන් අහවර යයි සිතා සිටියත් වැඩියෙන් වතුර හෝ කිරි හෝ බොන්නට එපා කියමින් අම්මා විසින් කරන ලද අනතුරු හැ`ගවීමේ අරුත කුමක් දැයි මුත‍්‍රා කරන්නට ගිය විට මම හොඳින් තේරුම් ගතිමි.මුත‍්‍රා කිරිමට අවශ්‍ය වී තිබුනෙන් මම අමාන්ට (වාරිස්ගේ වැඩිමහල් සොහොයුරිය) කතා කලෙමි. මුත‍්‍රා කිරීමට අවශ්‍ය ව ඇති බව අමාන්ට පැවසූ විට අමාන්ගේ මුහුණෙහි ඉරියව් වලින් එහි බැරෑරුම්කම මම තෙරුම් ගතිමි. වැල්ලේ කුඩා වලක් හෑරු ඇය මා එතැනට රෝල් කලේය අනතුරුව ඇය මෙසේ කීවාය ආ දැන් ඉතින් කරන දෙයක් කරන්න. පළමුවැනි මුත‍්‍රා බිංදුව පිට වීමත් සම`ග ඇසිඞ් වැනි දෙයකින් චර්මය පිච්චී යන්නා වැනි මහත් වේදනාවක් දැනෙන්නට විය. අහිකුන්ඨක ගැහැනිය මගේ යෝනියේ වූ අවයව කපා මසා දැමීමෙන් පසුව මුත‍්‍රා කිරීමට සහ ඔසප් වීමේදී රුධිරය ගලා යන්නට ගිනි කූරක තරම විෂ්කම්භය ඇති කුඩා සිදුරු දෙකක් පමණක් ඉතිරි කර තිබුණි’.

මෙසෙ කිරිමෙන් අනතුරුව සති ගණනක් දෙපා බැඳගෙන කැලෑවට වී සිටිය යුතු බවත් ඒ කාලය තුල බොහෝ ළමුන් ආසාධන වලින් මිය යන බවත් සඳහන් වේ.

එසේම මෙම කුඩා සිදුරු දෙකක් පමණක් ඉතිරි කිරිම නිසා ඇයට ජීවිත කාලය පුරා (නැවත ශල්යකර්මය සිදු කරන තෙක්) මුත‍්‍රා කිරීමේදි ( එක වරකට මුත‍්‍රා පිට කිරීමට විනාඩි 10 - 15 ත් අතර කාලයක් ගතවේ) සහ මාස් ශුද්ධියේදී මුහුණ පෑමට සිදුවූ වේදනාවන් මෙම ග‍්‍රන්ථයේ විවිධ ස්ථාන වල සඳහන් වේ.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews