X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

''සම්භාහනයට ආපු මං වැටුණේ ගණිකා මඩමට...'' - ගණිකාවක් උදවු ඉල්ලයි


Views - 3982 |Sunday 10th April 2016 11:19:16


පවුලේ ආර්ථීක ප්‍රශ්න නිසා වයස අවුරුදු 16 දී අම්මලා තාත්තලාට හොරෙන් තරුණයෙක්‌ එක්‌ක පැනලා ගිහින් වෙනම ජීවත් වුණා. ඒත් මාස තුනෙන් එයා මාව දාලා ගියා.

ජීවත් වෙන්න විදියක්‌ නැතිව ඉන්නකොට පත්තරේ තිබ්බ ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක සේවක ඇබෑර්තුවක්‌ දැකලා කොළඹ ඇවිත් ඒ මධ්‍යස්‌ථානයේ සේවයට බැඳුණා. ඒත් පස්‌සෙයි දන්නේ ඒක ගණීකා මඩමක්‌ කියලා. දැන් පිරිමින්ට ලිංගික ශ්‍රමය අලෙවි කිරීම තමයි එකම ආදායම් මාර්ගය.

සම්බාහන මධ්‍යස්‌ථානයක ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කරන පුෂ්පිකා පැවැසුවා ය. දැනට 26 හැවිරිදි වියෙහි පසු වන ඇයගේ ජීවිත කථාව ප්‍රකාශ වූයේ මේ අයුරිනි.

''අපේ පවුලේ මමයි, මල්ලියි, අම්මයි, තාත්තයි සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිටි අපේ පවුලේ ආර්ථීක දුෂ්කරතා ගොඩක්‌ තිබුණා. අම්මයි තාත්තයි කුලී වැඩ කරලා තමයි පවුල නඩත්තු කළේ..'' ඇය කීවා ය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ග්‍රාමීය ප්‍රදේශයක පදිංචිව සිටි පුෂ්පිකා පාසැල් ගියේ ගමේ පාසලටය. දැඩි ආර්ථීක දුෂ්කරතා හේතුවෙන් ඇය අට වැනි ශ්‍රේණීයෙන් පසුව පාසැල් ගමන නතර කළාය. අනතුරුව ගේ දොර වැඩකටයුතු කරගෙන සිටි ඇයට දිනක්‌ කුලී වැඩ කරන තරුණයෙකු මුණ ගැසුණේ නිවසට යාබද ස්‌ථානයකදී ය. එම හමුවීම ප්‍රේමයකට පෙරළීමට ගත වූයේ කෙටි කාලයකි.

එකිනෙකා හා පෙමින් වෙලූ‍ණු මෙම තරුණ යුවළ දිනක්‌ පුෂ්පිකාගේ දෙමවුපියන්ට හොරා රහසේ පැන ගොස්‌ වෙනම කුලී ගෙයක පදිංචි වූහ. නීතියෙන් විවාහ නොවී එකට ජීවත් වූ මොවුන්ගේ ඇසුර වැඩි කල් නොපැවැතිණී. මාස තුනක කාලයකට පසු පුෂ්පිකාව අතරමං කර දැමූ තරුණයා එම ප්‍රදේශයෙන් ද පලා ගොස්‌ තිබුණේ හොර රහසේ ය. 

හොර රහසේ තරුණයකු සමඟ පැන යාම නිසා තම දෙමවුපියන් හා සහෝදරයා ද අහිමි කරගෙන සිටි පුෂ්පිකාට සිදු වූයේ කබලෙන් ළිපට වැටුණා හා සමානවූ සිදුවීමකි. ජීවත් වීමට මඟක්‌ නොතිබීම හේතුවෙන් ඇය කුලී රැකියාවක්‌ සොයා ගැනීමට උත්සාහ කළද එය ද සාර්ථක නොවීය.

පසුව පුවත් පතක කොළඹ පිහිටි ආයුර්වේද සම්බාහන (මසාඡ්) මධ්‍යස්‌ථානයක සේවය සඳහා සහායිකාවන් අවශ්‍ය බවට පළ වූ දැන්වීමක්‌ ඇය නෙත ගැටුණේ අහම්ඛෙනි. එම දැන්වීමෙහි සඳහන් තොරතුරුවලට අනුව හඳුනන අයෙකුගෙන් අතමාරුවක්‌ ලබාගෙන කොළඹ පැමිණී ඇයට එම සම්බාහන මධ්‍යස්‌ථානයෙහි රැකියාව ලැබිණී.

මනා පෙනුමකින් යුතු වීම නිසා ඇයට රැකියාව ලැබුණද එම මධ්‍යස්‌ථානයෙහි සම්බාහනය මුවාවෙන් සිදු වනුයේ ගණීකා ව්‍යාපාරයක්‌ බව පුෂ්පිකාට අවබෝධ වූයේ රැකියාව ලැබුණ දිනයේ ය. මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට ඇය තුළ සිහිනයකින්වත් අදහසක්‌ නොතිබුණ ද ආදායම් මාර්ගයක්‌ නොතිබීම නිසා සම්බාහන මධ්‍යස්‌ථානයේ පාලිකාවගේ පෙළඹවීම මත ඇය ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට පෙළඹුණා ය.

සමාජයේ උසස්‌ යෑයි සම්මත පැලැන්තියේ පිරිමින් වැඩි දෙනෙකු පැමිණෙන එම සම්බාහන මධ්‍යස්‌ථානයේ වහලියක ලෙස ඇයට දිනකට පිරිමින් 4 – 5 ත් අතර සංඛ්‍යාවකට ලිංගික ශ්‍රමය අළෙවි කිරීමට සිදුව තිබේ. ඇතැම් දිනවල පිරිමින් 10 දෙනෙකුට පමණ ලිංගික ශ්‍රමය අලෙවි කිරීමට සිදු වන බව පුෂ්පිකා පවසන්නී ය.

එක්‌ අයෙකුට ලිංගික ශ්‍රමය අළෙවි කිරීම වෙනුවෙන් ඇයට රුපියල් දහස්‌ ගණනක්‌ ලැබුණද සිය ජීවිතය තෘප්තිමත් එකක්‌ නොවන බව ඇය සඳහන් කර සිටියා ය.

මුදලට වසර තුනක කාලයක්‌ මුළුල්ලේ පිරිමින්ට සම්බාහනය මුවාවෙන් ලිංගික ශ්‍රමය අලෙවි කරන පුෂ්පිකාට දැන් අවශ්‍යව ඇත්තේ මෙම ලිංගික ශ්‍රමික ජීවිතයෙන් මිදීමට ය. පවුලෙහි සාමාජිකයන් හෝ නෑදෑ හිත මිතුරන් නොසිටීම නිසා මේ වනවිට පුෂ්පිකාගේ සමීපතම මිතුරිය වී ඇත්තේ ඇය වැඩ කරන ස්‌ථානයේම ලිංගික ශ්‍රමය අලෙවි කරන තවත් ඇය වන් වූ යුවතියකි.

ඔවුන් දෙදෙනාම වැඩ කරන සම්බාහන මධ්‍යස්‌ථානයේ නේවාසිකව සිටින අතර, මේ වනවිට සමලිංගිකයන් බවට පත්ව සිටිති.

කෙසේ හෝ පුෂ්පිකාට දැන් අවශ්‍යව ඇත්තේ, ලිංගික ශ්‍රමික ජීවිතයෙන් මිදී කුමක්‌ හෝ රැකියාවක්‌ කර ජීවත් වීමට ය. එහෙත් ඇය ප්‍රථමයෙන් මෙම සම්බාහන මධ්‍යස්‌ථානයේ රැකියාවෙන් මිදිය යුතු ය.

ඇයව සම්බාහන මධ්‍යස්‌ථානයෙන් මුදා ගෙන ස්‌වයං රැකියාවක්‌ කිරීම සඳහා ඇයට උදව් උපකාර කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් කටයුතු කරන අභිමානී කාන්තා එකමුතුව ඉල්ලීම් කරයි.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews