X

Print

LATEST NEWS

තවත් ආසාදිතයින් 39ක් හමුවෙයි - මුළු ආසාදිතයින් ගණන 1317ක් දක්වා ඉහළට අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි තවත් ආසාදිතයින් 72ක් හමුවීමත් සමග මෙරට එක් දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා කරයි තවත් කොවිඩ්19 ආසාදිතයින් 17ක් හඳුනා ගැනේ අද සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කෙරේ බස් සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි

 

 

 

ලෝක කම්කරු දිනය අදයි - කොළඹ නගරයේ පමණක් මැයි දින පෙළපාලි 12 ක්, රැළි 15 ක්


Views - 3149 |Sunday 1st May 2016 09:37:12


සමස්ත ලෝකයේ කම්කරු ප‍්‍රජාව මැයි මස පළමු වැනිදා උත්කර්ශවත් අන්දමින් මැයි දිනය සමරයි. මැයි දිනයේ ඉතිහාසය 1888 තරම් ඈත අතීතයකට දිව යයි. 1988 මැයි 01 වනදා ඇමරිකානු කම්කරු පිරිසක් පැය 8කට තම වැඩ මුරට ‍සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරට එක්විය. එම පිරිස 65000ක් පමණ විය. වැඩවර්ජනයේ තෙවන දින ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයකින් කම්කරුවන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලූණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේය.

ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග‍්‍ර වුයේ, පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත අහිමි කරමිනි.  ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඞ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලූයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි‍. ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඞ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැුස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර තර ලංකාවේ ප‍්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප‍්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලූ මුවදොර පිටියෙන් අවසන් විය. 1956දී මැයි දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.

නමුත් මේ ආකාරයට කම්කරුවන් විසින් අරගල කරමින් ලබාගත් නිදහස ඇත්තටම භුක්ති විදින්නේ කම්කරුවන්ද යන්න පිලිබඳව කම්කරු ජනතාවට දැන් දැන් ගැටළුවක් බවට පත්වෙමින් පවතී.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews