Feb
16
නමගිය අපාරාධ රැසකට සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රිලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටි පතාල කල්ලි නායක මාකධූරේ මධූෂ් පසුගියදා ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා .
මේ වනවිට මදුෂ් සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ පුවත් මැවමින් තිබෙනවා . මේ අතර මේ දිනවල කතා බහට ලක් වෙන්නේ මදුෂ් තම මියගිය පියාට පිං පතා ඉදි කරන ලද ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් .
කඹුරුපිටිය ප්‍රදේශයේ විසූ සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ
Feb
15
ඊයේ සවස කොළඹ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 39 හැවිරිදි ආශා ෆාරි නම් කාන්තාවක් වන අතර අදාල කාන්තාව හෙරොයින් ජාවාරමේ නිරත වන අතර "කුඩු චුටි" යන අන්වර්ථ
නාමයෙන් ද හඳුන්වන ලබන බවයි පොලිසිය සඳහන් කරන්නේ.මෙම කාන්තාව ඉකුත්දා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන් ගේ අනියම් බිරිඳ ලෙස හඳුනාගෙ
Feb
14
පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා මේ වනවිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඒ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතුවලට සහාය ලබාදීම සඳහායි.
ඩුබායි පොලීසිය විසින් පසුගියදා, සුපිරි හෝටලයක පැවති සාදයක් අතරතුර මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අතර මේ වනවිට එම සැකකරුවන් සිර මැදිරියක රඳවා තිබේ. කෙසේ වෙතත් තවමත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර නොමැති බවයි වාර්තා වන
Feb
12
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ පූර්ණ වගකීම පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. ඊයේ (11) මහනුවර, කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එහි ගෞරවය යා යුතු බවත් ඔහු පැවැසීය.
මධූෂ්ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වසර එක හමාරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ බවත් ඔහු පැවැසීය.
එසේම කොකේන් පානය කරන කැබිනට් අමාත්
Feb
10
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර තිබෙන බව සදහන් වෙනවා . මෙලෙස නිදහස් කළ පිරිස අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිය සහ ගායක අමල් පෙරේරා ගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින් ඔවුන් නිදහස් කිරීමට පොලිසිය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ
කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ පස
Feb
06
මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ප්‍රබල පාතාල නායකයන් පිරිසක්, ජනප්‍රිය ගායකයකු හා ඔහුගේ පුත්‍රයා සහ ජනප්‍රිය නළුවකු ඇතුළු 25 දෙනකු ඩුබායි රාජ්‍යයේ තරු පහේ හෝටලයකදී එරට රහස් පොලිසිය මඟින් පෙරේදා (4දා) රාත්රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා සහ මේ දිනවල පෞද්ගලික නාළිකාවක විකාශය වන ප්‍රසිද්ධ ටෙලිනාට්‍යයක ක්‍රීඩා පුහුණුකරුවකු මෙන්ම ගුරුවරයකුගේ චරිත
Feb
05
මත්කුඩු බෙදාහැරීම ඇතුළු විවිධ අපරාධ රැසකට සම්බන්ධව චෝදනා ලබමින් පොලිසියට කට්ටි පනිමින් සිටි ප්‍රබල පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිසක් ඩුබායි හෝටලයක දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි හි ප්‍රධානපෙලේ හෝටලයක සිටියදී එරට ආරක්ෂක අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මාකඳුරේ මදුෂ්ට අමතරව ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයන් වන කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක සහ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා ඒ අතර සිටින බවයි වාර්තා
Jan
28
Jan
24
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය අද ( 24) වන දින රාජපක්ෂ පවුලේ ගම්මානය වන වීරකැටියේදී පැවැත්වෙනවා. ඔහුගේ අතගත් මනාලිය වුණේ ටටියානා ලී යි.
මේ විවාහය පැවැත්වෙන්නේ වීරකැටිය ගම්මානයේ මැදමුලන නිවසේදී වන අතර සියලූම ආහාර දේශීය ගැමි ආහාර වනවා. එම ආහාර සකසන්නේ අසල්වාසී පවුල් විසින වීම විශේෂත්වයක් .ඊට අමතරව මුලු මැදමුලන ගම්මානයටම මෙම විවාහයට ආරාධනා කර තිබෙන බව සදහන්.
රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල් යන පාන අමුත්තන් වෙනුවෙන් පිළිගැන්වීමට සුදානම් කර ති
Jan
21
ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන WhatsApp සමාගම මගින් එකවර යවන පණිවුඩ ප්‍රමාණය සීමා කිරිමට තීරණය කර තිබෙනවා .ඒ මේ වනතෙක් එකවර යැවීමට හැකිව තිබු පණිවිඩ ප්‍රමාණය 20 සිට 5ක් දක්වා අඩු කරමින් .
අසත්‍ය තොරතුරු හුවමාරුවීම වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි එම සමාගම කියා සිටින්නේ.
Jan
13
පසුගියදා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක් වූ විශ්ව පෙරේරා සහ හසිනි සැමුවෙල්ගේ විවාහ මංගල්‍ය අවසන් වීමත් සමග විශ්ව පෙරේරා ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන කෞෂි පෙරේරා සමග විවාහ ගිවිස ගන්නා ඡායාරූප අන්තරජාලයට එක් වී තිබෙනවා .
Jan
10
ජනප්‍රිය නළු කාවිංග පෙරේරා සහ සනායා පෙරේරාගේ විවාහ ජිවිතයට වසරක් ගතවනවා .
පසුගිය වසරේ ජනවාරි 08 විවාහ ගිවිස ගත්තු කාවිංග සනායා දෙපල ගැන බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වුණා .
මේ සම්බන්දයෙන් සමාජ මාධ්‍ය ජාලයට කාවිංග මෙසේ සටහනක් යොදා තිබුණා . "මට දැනෙන්නේ අපි ඊයේ විවාහ වුණා වගේ "
Jan
10
ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සදහා තරග කිරීමට සුදානම්ව සිටිනා බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා
කුරුණෑගල දිස්ත්‍රීක්කයේ දඹදෙනිය ආසනයේ එජාප සංවිධායක ධුරය රූකාන්ත ගුණතිලකට ලබා දීමට එජාපය සුදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ
ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ රජයෙන් සිදු වූ හිරිහැර හේතුවෙන් රූකාන්ත ගුණතිලක මහතා සිය පවුල සමග කලකට පෙර විදෙස් ගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ ප
Jan
02
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර සහකාර පොලිස් අධිකාරීවරයෙකුට අයත් නිල ඇදුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ මෙම ඡායාරූප අතරට නිල ඇදුමෙන් සැරසී බිරිද සමග ගත් ඡායාරූපයක් ද ඇතුළත්.
දේශපාලන පිවිසීමට පෙර පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරයා පසුව පොලිස් සේවයට සමු දී තිබුණේ දේශපාලන පළිගැනීම් හේතුවෙන්. එහෙත් පසුව ඔහු පොලිස් දෙපාර්තමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරී ධ
Jan
02
පසුගියදා එතෙක් මෙතෙක් ලංකාවේ හමු වූ විශාලතම මත් කුඩු තොගය සමග විදේශිකයන් දෙදෙනකු අත් අඩංගුවට ගන්න පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා . මෙහි වටිනාකම රුපියල් කෝටි 440 කට අධිකයි.මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල කවුඩාන පාරේ දෙමහල් නිවසක කුලී පදනම මත සිටි බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනකු සමග ඔවුන් සතුව තිබූ මත් කුඩු කිලෝග්‍රෑම් 275 ක් .
මෙම සුපිරි දෙමහල් නිවස මොවුන් ලංකාවටම මත් කුඩු බෙදාහරින ප්‍රධානතම ගබඩාව ලෙස භාවිත
Dec
29
අද (29) අලුයම 1.50 ට පමණ කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලක විදුලි සෝපානය කඩා වැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා .මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල - තලංගම උතුර ප්‍රදේශයේ පදිංචි කෝකිල සම්මන්දපෙරුම නමැති රගර් ක්‍රීඩකයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ .
අනතුරට ලක් වූ මෙම පිරිස අදාල ගොඩනැගිල්ලේ 09 වන මහලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවට යමින් සිට ඇති අතර එම අවස්ථාවේදී හදිසියේම විදුලි සෝපානය බිම් මහලට කඩා වැටී තිබෙන බවයි සදහන්
Dec
26
අද(26) ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොමෙකෙන දවසක් වෙනවා .ඒ මහත්වරුන්ගේ ක්‍රීඩාව යතාර්ථයක් බව පසක් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඇතුළු කණ්ඩායම ගත් සංවේදනිය තීරණයක් නිසාවෙන්
ඕස්ට්‍රේලියාවේ හත් හැවැරිදි ආකි ස්චිලර් නමැති දරුවා දරුණු හදවත් රෝගයකින් පෙළෙනවා .ඔහුගේ එකම සිහිනය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වීම බව ඔහු නිතර පවසන දෙයක් .නමුත් මේ අවසනාවන්ත රෝගය හේතුවෙන් ආකිගේ ජීවිතය පිළිබද ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි කියලයි ව
Dec
23
Dec
14
විවාහ වී මසක් ගතවීමටත් ප්‍රථම තම සැමියාට තමන්ව එපාවී ඇතැයි පවසමින් කාන්තාවක් තඹුත්තේගම ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර තිබේ.
එක් තරුණයකු තඹුත්තේගම නගරයේ හෝටලයක සේවය කර ඇති අතර ඔහු සේවා මුරය නිමවා යමින් සිටින දිනකදී තඹුත්තේගම කොත්මල්පුර පදිංචි තරුණියක් දැක ඇය කෙරෙහි ආලයක් ඇතිවි ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගෙන තිබේ. ප්‍රේම සම්බන්ධය ඇතිවී දින පහක් ගතවන දිනයේදී මෙම තරුණයා තරුණිය විවාහ කරගෙන ඇති අතර මසක් පමණ නව යුවළ ආදරයෙන් සිට ඇති අතර එක්වරම තරුණයා තරුණිය නොර
Dec
03
රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් වාර්තා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් අග්‍රාමාත්‍ය ධුරය යළි ලබානොදිය හැකි බවට වූ දැඩි ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින අතර, අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ වෙනත් නායකයෙකු පත් කරන ලෙසටද ජනාධිපතිවරයා පවසනවා.